IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ජොන්ස්ටන්ගේ වත්කම් බැරකම් නඩුව නොවැම්බරයට කල් යයි

(නිමන්ති රණසිංහ)
 
වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අල්ලස් චෝදනා ලැබ සිටින හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩු තුනකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාට ලබන නොවැම්බර් 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නොතිසි නිකුත් කළේය.


සිය වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කර නොමැතිවීමෙන් වරදක් කර ඇතැයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩුවේ විත්ති වාචිකව ඉදිරිපත් වීමෙන් පසු මෙම සාක්ෂි කැදවීමට අවසර ලබා දෙන ලෙසට විත්තියේ නිතීඥවරු ඉල්ලා සිටියහ. මෙය සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ නොතීසිය නිකුත් කළේය.


2010 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා වූ වසර පහකට අදාළව වසර දක්වමින් 1975 අංක 1 වගන්තිය ප්‍රකාරව වත්කම් බැරකම් ප්‍රකාශ පනතට අදාළව සිය වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් වත්කම් ප්‍රකාශයේ 9 (1) වගන්තිය උල්ලංඝණය කර ඇතැයි අල්ලස් කොමිසම චූදිතයාට එරෙහිව අධිකරණයට චෝදනා ගොනු කර ඇත.



අදහස් (3)

ජොන්ස්ටන්ගේ වත්කම් බැරකම් නඩුව නොවැම්බරයට කල් යයි

sena Tuesday, 28 August 2018 09:02 AM

තව එක සැරයක් කල්ගියොත් මන්ත්‍රී තුමා ගොඩ

:       0       15

Jayantha Tuesday, 28 August 2018 10:29 AM

මේ නඩුව 2015 ඉදන්ම කල් යනවා.

:       0       16

mahinda Tuesday, 28 August 2018 02:41 PM

අනේ මන්දා උසාවි තියෙන්නේ නඩු අහන්නද කල්දාන්නද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2545 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site