IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනවරම සිල්ලරට අලෙවි නොකරන බව විශ්වාසයි - සජිත් ප්‍රේමදාස

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට හිමි වූ ශ්‍රේෂ්ඨ ජනවරම තුට්ටු දෙකේ භාරකාර ආණ්ඩුවකට සිල්ලරට අලෙවි නොකරන බව තමාට විශ්වාස යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජයට පත් වූවානම් එතුමන් පොලොවෙන් අඩි හයක් යට වළලන්නට සැලසුම් කළ පිරිසට පවා අද ජනාධිපති හමුවීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වී ඇති බවද ප්‍රේමදාස මහතා කීය.

අනුරාධපුරයේ නව නිවාස විවෘත කිරීමේ උත්සවයකට සහභාගීවෙමින් සජිත් ප්‍රේමදාස මහතා අද (08) මේ බව පැවසීය.



අදහස් (16)

ජනවරම සිල්ලරට අලෙවි නොකරන බව විශ්වාසයි - සජිත් ප්‍රේමදාස

lalith Monday, 08 October 2018 01:07 PM

කතාව ඇත්ත සජිත් මහත්තයෝ. අපේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ද කියනවා නම් මෛත්‍රිපාල සිරිසේන මහතා පරාජයට පත් වූවානම් එතුමන් පොළව යට වළලන්නට සැලසුම් කළා විතරක් නොවෙයි... රටේ ජනතාව පණපිටින් පාරවල්වල පුළුස්සා දමපු අයත් රෙද්දක් ඇඳගෙන ජනතාව ඉස්සරහට ඇවිත් දේශපාලනේ කරන්න ඉඩ සලස්සන්න තරමටත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙලානේ. බලන්නකෝ එ්කෙත් හැටි නේද?

:       262       412

Buddika Monday, 08 October 2018 01:11 PM

විශ්වාස කළ නොහැකි මිනිසුන් ගැන අධිතක්සේරු කරන්න එපා. එජාපයේ මිනිසුන්ගේ ඡන්දෙන් බලයට ඇවිත් ශ්‍රී ලංකා මිනිසුන් ළංකර ගත්ත කෙනා ගැන තවත් කොහොමද විශ්වාස කරන්නේ?

:       77       463

BamunuarachchiMonday, 08 October 2018 02:20 PM

එජාප මිනිසුන්ට රටේ තැනක් නැති බව කව්රුත් දන්නවා. මන්ද බුද්ධික එජාප මිනිසුන්ට දිනන්න තරම් ඡන්දෙ තිබුණානම් මොකද ශ්‍රී ලංකා කෙනෙකු පස්සෙන් ආවේ? මතක නැද්ද 30 සැරයක් ඡන්ද පැරදුණා. ඒ කාලේ ඉපදිලා හිටියේ නැද්ද?

:       705       556

athuraTuesday, 09 October 2018 04:16 AM

ඔබතුමා වගේ අධිතක්සේරුවකින් හිටිය නිසා තමයි මහින්ද මහත්මයා පැරදුනේ. ඔබ තුමා වගේ අය කඩේ යනකන් ඉස්සරහටත් මහින්ද මහත්මයට වෙන්නේ පැරදෙන්න තමයි.

:       0       2

kapTuesday, 09 October 2018 04:57 AM

බුදු හාමුදුරුවො කාලෙත් මේ වගේ පන්ඩිත බමුණෝ හිටියා. බුදු හාමුදුරුවො මේ බමුණන්ගෙ අදහස් විශ්වාස කලානම්, අද බුදු දහමක් නෑ.

:       0       2

BamunuarachchiTuesday, 09 October 2018 11:01 AM

ඉදිරිපත් කල තර්කයට පිළිතුරු දෙන්න. එජාපයේ මිනිසුන්ගේ ඡන්දයේ බලයෙන් නම් බලයට ආවේ එහෙනම් මොකද එජාපයේ අය තම නායකයා ජනාධිපති කමට තෝරා නොගත්තේ? ඇයි තරඟ කල ඡන්ද 30 වතාවක්ම පැරදුණේ. ඕවට උත්තර දීලා තමන් කොතනද ඉන්නේ කියා ත්රුම් ගන්න. අධිතක්සේරුව තිබෙන්නේ ඔය පැත්තේ.

:       170       0

athuraWednesday, 10 October 2018 05:04 AM

ඔබතුමා කියන පරිදිම එජාප මිනිස්සුන්ට රටේ තැනක් නැති නම් අහවල් එකටද එජාපෙන් අාපු අයව වටේ තියාගෙන ඉන්නේ.

:       0       0

BamunuarachchiWednesday, 10 October 2018 05:44 AM

එජාප යෙන් ආපු කට්ටිය තියා ගන්න තීරණය කලේ රටේ ජනතාව නොවෙයි බලයේ රැඳෙ සිටින්න ඕනේ අය. ඒබව පෙබරවාරි චන්දෙන් තේරුම් ගන්න ඇතිනේ. මේ අවුරුදු 4 රටට වෙච්ච දේවල් අනුව එජාපය නැවත තෝරන්නේ කොටලුවොම තමයි

:       0       0

sam Monday, 08 October 2018 01:36 PM

ලොක්කා, ඔයාලා ඒ ජනවරම ඔයාලා නැති කරගෙන ගොඩක් කල්. පසුගිය පළාත් සභා ඡන්ද ප්‍රතිඵල දැකලවත් ඔබතුමාට තේරුනේ නැද්ද යහපාලන ආණ්ඩුවේ රෙදි ගැලවිලා කියලා. මීළඟ ඡන්දෙදි අනික් ඇඳුනුත් ගැලවෙන්නයි යන්නේ...

:       1325       1088

Buwaneka Bandara Monday, 08 October 2018 01:47 PM

තම තමන්ගේ පක්ෂය රක ගැනීම ගැන පමණක්ම කතා නොකර රටේ සංවර්දනය, දූෂණය නැවත්වීම, අපරාධ අඩු කිරීම, අපරාධ කළවුන්ට පක්ෂය නොබලා දඬුවම් දීම, බදුමිල අඩු කිරීම, ඇමතිවරුන්ගේ වියදම අඩු කිරීම, අැමැති මණ්ඩලය අඩු කිරීම, ඡන්දය වෙලාවට තැබීම, පොරොන්දු වුණු කර්මාන්ත ශාලා ඇතිකිරීම, ළමයින්ට ටැබ් පරිගණක ලබාදීම ඇතුලු වුණු පොරොන්දුවලින් අල්ප මාත්‍රයක්වත් ඉටු කිරීම සඳහා අවධානය යොමු කලේ නම් මෙවන් තත්වයක් උදා නොවන බව ඔබතුමාට නොතේරීම පුදුමයට කරුණකි...

:       3       420

sirimal Monday, 08 October 2018 01:54 PM

ඔබතුමාගේ රූපය හැම දවසකම අඩු ගණනේ දෙවතාවක්වත් රූපවාහිනියේ පෙනුනේ නැත්නම්, පත්තරවල ඵල වුනේ නැත්නම්, කට හඬ රේඩියෝ එකේ ඇහුනේ නැත්නම් ඇඟට හරි නැතුවා වගේ දැනෙන ජාතියේ ලෙඩක් වැළඳිලා වගෙයි නේද? අපට මතකයි තාත්තටත් ඔය ලෙඩේම තිබුණා. දකුණු පළාතට වෙලා ගෙවල් අටව අටවා කතා පවත්වන එක නවත්තලා කොළඹ පළාතට ඇවිත් වැඩ කිඩ ටිකක් පෙන්නුවොත් නරකද මං අහන්නේ?

:       832       560

BamunuarachchiTuesday, 09 October 2018 12:55 AM

තාත්තාටත් ඔය ලෙඩේම තිබුනා.

:       2       0

saliya Monday, 08 October 2018 02:14 PM

එයාට ප්‍රතිපත්තියක් නැහැ. හාවා පනිනවා වගේ සෙල්ලමක් කරන්නේ. ඒ පැත්තටයි මේ පැත්තටයි.

:       29       263

Bamunuarachchi Monday, 08 October 2018 02:15 PM

ජනවරම දීපු ජනතාව අරන් තිබෙන්නේ සිල්ලර මිනිස්සු ටිකක්. ජනතාවට වෙනවා ඔබලාව ළමයින්ගේ සෙල්ලම් කඩයක තියලා පිඟන් කටු කෑලිවලට විකුණන්න.

:       459       295

OMg Monday, 08 October 2018 03:02 PM

අම්බරුවන් 225ම සිල්ලර වලටත් වඩා අන්ත වෙලා ඉවරයි. පාට කණ්නාඩි කට්ටිය ඇරෙන්න අනික් අය සේරමලා අම්බරුවන් ඔක්කොම කුණු බක්කියට දාලා ඉවරයි...

:       0       79

Bandula. Tuesday, 09 October 2018 04:59 AM

ඔබතුමාලා අදුරේ තාම ඇත පත ගානවා. ජනතාවට දේශපාලනේ එපාවෙලා. කියන බොරුවලට. 2030 වෙනකන් හීන දකින්න එත් රට අගාදයට යන්න දෙන්න එපා. මොනා උනත් ඔයාලගේ සැප සම්පත් නියම වෙලාවට ලැබෙනවනේ අනේ ඒ ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28690 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18204 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11151 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 684 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 207 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site