(අජිත්ලාල් ශාන්තඋදය)
සමස්ත ලංකා ජනමාධ්‍යවේදී සම්මේලනය සංවිධනය කරන මැයි දින පෙළපාලිය සහ රැළිය අම්පාර නගරයේ දි පැවැත්වේ. අම්පාර රීගල් හන්දියෙන් පස්වරු 02.00ට ඇරඹෙන පෙළපාලිය අම්පාර නගර ශාලව වෙත ගමන් කිරිමට නියමිතය.
රැළිය පැවැත්වෙන්නේ අම්පාර නගර ශාලාවේදී ය.
ජනමාධ්‍යවේදීන් ලෙස කටයුතු කිරීමේ දී සිදුවන අවහිරතා මගහරවා ගැනිම, මාධ්‍යවේදීන්ගේ සුරක‍්ෂිත බව සහ ආරකෂාව, මාධ්‍යවේදීන්ගේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම, සදාචාරත්මක මාධ්‍ය භාවිතයකට පසුබිම සැකසීම, මාධ්‍යවේදීන්ගේ සුබසාධනය ඇතුලූ මාධ්‍යවේදීන්ගේ පාර්ශවයෙන් බලාපොරොත්තුවන යෝජනා ඇතුළත් සංදේශයක් ජනමාධ්‍ය අමතිවරයා ඇතුලූ රජයට මෙම රැලියේ බාරදිමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd