IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනමත විචාරණයකට නොයන ව්‍යවස්ථා වෙනසකට තීරණයක් නෑ

(බිඟුන් මේනක ගමගේ)

ජනමත විචාරණයකට තුඩු දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් නොකිරීමට සිය පක්ෂය කිසිදු ආකාරයේ තීන්දුවක් ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් තමන්ට සහතික වූ බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවේදී අද(4) රැස් වූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා ගැන ජවිපෙ කළ ප්‍රශ්න කිරීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා විද්‍යා හා තාක්ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසූයැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා  පැවසීය. 

පුද්ගලයන්ගේ සිතැඟි පදනම් කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකරන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ එවැනි ක්‍රියාවලියකට සහාය පළ නොකරන බව ජවිපෙ නායකයා එහිදී අවධාරණය කළේ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.  

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මෙහෙයුම් කමිටුව ඊට අදාළව සකස් කරන වාර්තා මත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බවට අගමැතිවරයා පොරොන්දු වී යැයි ද  රත්නායක මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මෙහෙයුම් කමිටුව හෙට(05) හා අනිද්දා(06) ද පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.



අදහස් (0)

ජනමත විචාරණයකට නොයන ව්‍යවස්ථා වෙනසකට තීරණයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site