119 අංකයට ලැබුණු තොරතුරක් මත වැල්ලවායේදී අත්අඩංගුවට ගත් පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකාවක, යුද හමුදා කෝප්‍රල්වරයකු ඇතුළු හතර දෙනකු 28 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සාමාජිකයාගේ මව සහ ත්‍රීරෝද රියේ රියදුරුද වෙති.
1998 වසරේ සිට 2002 වසර දක්වා එල්ටීටීඊ සංවිධානයේ විශේෂ කාර්ය බළකායට අනුයුක්තව සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකාව 2009 වසරේදී පුනරුත්ථාපනය කර තිබේ. වවුනියාව පම්පේමඩු කඳවුරෙන් පුනරුත්ථාපනය වූ ඇය පිටව ගස් ඇත්තේ 2010 වසරේදී ය. යුද හමුදා කෝප්‍රල්වරයා නැගෙනහිර පළාතේ කඳවුරක තව දුරටත් සේවය කරන අයකු බව පොලිසිය කියයි.
සැකකරුවන් පොලිසියට කියා ඇත්තේ හිටපු එල්ටීටීඊ සාමාජිකාවට දරුවකු ලැබීම ගැන නීති උපදෙස් පැතීමට යද්දී පොලිසියෙන් අල්ලා ගත් බවයි.
පසුගිය 13 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැල්ලවායට පැමිණ ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ද එදිනමය. පොලිස් ප්‍රකාශකයකු කීවේ මෙම පිරිස සැක බවට ලද පණිවුඩයක් අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජනපති වැල්ලවායෙ ගියදා අත්අඩංගුවට ගත් 4 ක් රිමාන්ඩ්
nuwanthi kaushalya Wednesday, 15 March 2017 08:37 AM
නියමයි
lalithsjm Wednesday, 15 March 2017 09:02 AM
අසරණ මනුස්සයන්ට හිරිහැර එපා. දැන් ත්‍රස්තවාදය ලංකාවේ නැහැනේ.