(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පොලිස් මුරපෙළේ ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කඩුගන්නාව ඌරපොළ ප්‍රදේශයේදී පහරකෑමකට ලක්වී මහනුවර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව කඩුගන්නාව පොලිසිය කියයි.
ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා පහර දුන්නේ යැයි කියමින් පුද්ගලයන් දෙදෙනකු ද එම රෝහලේම ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ (03) පැවැසීය.
ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට පහරදීම සම්බන්ධ බවට පැවසෙන පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
පුද්ගලයන් තිදෙනකු පහරදුන් අවස්ථාවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ආත්ම ආරක්‍ෂාව පතා පෙරළා පහරදී ඇති බව පොලිසිය පවසයි.
දෙපාර්ශවය අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් පසු එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව පොලිසිය කියයි.
මහනුවර මූලස්ථාන පොලිසිය සහ කඩුගන්නාව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. පක්ෂපාතී නොවීම අතිශයින්ම වැදගත්
ගහපු තුන්දෙනාට බාල්කෙ එල්ලලාම පුජාවක් තියයි.
අන්තිමේදී අහිංසකයෝ දෙන්නට ගුටිත් කාල රිමාන්ඩ් එකෙත් ලගින්න වේවි.
ජනපතිගේ, ආරක්ෂක නිලධාරීන්ට පහරදීම බරපතල චෝදනාවක්.
රවී, ජනපතිගේ ආරක්ෂක නිලධාරීන් කියල තව කෙනෙකුට පහරදීම ඊට වඩා අධි චෝදනාවක්.