IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජනපති යාපනයේ විරෝධතාකරුවෝ හමු වෙයි

(සිතුම් චතුරංග)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපන සංචාරය අතරතුර  දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින්  විරෝධතාවක් පැවැත්වූ අතර ඒ අසලින් ගමන් ගත් සිරිසේන මහතා මදකට නතර වී එම විරෝධතාකරුවන් හමු විය.

නඩු නොමැතිවම රිමාන්ඩ් කර වවුනියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාරයට යවා තිබෙන දෙමළ සිරකරුවන් තිදෙනකු යළිත් වවුනියාව බන්ධනාගාරයට ගෙන එන ලෙස ඉල්ලමින් පිරිසක් අද දිනයේ යාපනයේදී උද්ඝෝෂණයක නිරත වූහ.

නඩු නොමැතිව සිර බාරයේ සිටින සිරකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විරෝධතාකරුවෝ ජනපතිවරයාගෙන් ඉල්ලූහ.

එහිදී ජනපතිවරයා පැවසුවේ ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙන බවයි.

ඊට පිළිතුරු දෙමින් විරෝධතාකරුවන් පැවසුවේ නඩු කිහිපයක්  සම්බන්ධයෙන් මේ වන විට සත්‍යග්‍රහයක නිරත වන තිදෙනා සම්බන්ධයෙන් මුලින් විසඳුමක් ලබා දෙන ලෙසයි.

ජනපතිවරයා හින්දු විද්‍යාලය වෙත පැමිණෙමින් සිටි මග දෙපස කළු කොඩි ඔසවමින් රැඳී සිටි මෙම පිරිස අතරට ගිය ජනපතිවරයා ප‍්‍රකාශ කළේ උතුරේ වේවා දකුණේ වේවා  ඕනෑම අයෙකුට ප‍්‍රශ්න තිබේනම් එකම මේසයක වාඩිවී සාකච්ඡා කිරීමට තමා සූදානම් බවයි.

එම විරෝධතා සම්බන්ධයෙන් අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබූ අතර යාපනය අධිකරණය ,යාපනය හින්දු විද්‍යාලය හා යාපනය ආණ්ඩුකාර කාර්යාලය අසල විරෝධතා පැවැත්වීම තහනම් කරමින් එම අධිකරණ නියෝගය පනවා තිබිණි.



අදහස් (15)

ජනපති යාපනයේ විරෝධතාකරුවෝ හමු වෙයි

Kapila Saturday, 14 October 2017 11:51 AM

මේ කට්ටිය අත්අඩංගුවට නොගන්නේ ඇයි ? උද්ඝෝෂණය කරන පොදු විපක්ෂයේ කට්ටිය විතරද තහනම් නියෝග කැඩුවා කියල අත්අඩංගුවට ගන්නේ? මේකද යහපාලනය?

:       59       884

RaveendraSaturday, 14 October 2017 04:49 PM

කපිල මයා වෙත, ඔබගේ අදහස්වලට අපද ගරු කරන්නෙමු . නමුත් මෙය එක්තරාකරයක නාට්‍යක් නොවේද ??? සැලසුම් සහගතව කල රග පෑමක් වියහැක. අනාගතයේ දී මෙම තිරනාටකය ලියවුනේ සහ දෙබස් පිලිබදව අප හට දැක ගැනීමට හැකි වනු ඇත.රොත්ත බුරුත පිටින් වටකරගෙන වෙනත් පැතිවල යන අය එකවිට එසේ සෙනග ලගට යන්නේ කෙසේද ???? විරෝදකරුවන් එකවිට මොහුලගට ලගාවුනේ කෙසේද ???? මේවා නියම නාටක නොවේද ??? එය සත්‍ය වශයෙන් සිදුවුනි නම් මොහුගේ ආරක්ෂාවේ විශාල අඩුපාඩුවක් ඇත.

:       0       3107

bamunu Monday, 16 October 2017 01:46 AM

කපිල මයා වෙත,මෙයාගේ ආරක්ෂාවේ කිසිම අඩුවක් නැත මේක රංග දැක්වීමක් නිසා මෙයාගේ ආරක්ෂාව ද්‍රවිඩයන් විසින්ම සලසා ඇත. මේ ගොනාට අන්දන්නෙ ගොන් සින්හලයින්වය. මෙයාව මරන්න පැමිණි ත්‍රස්තයාට මෙයා සමාව දුන්න නමුත් ඒ ත්‍රස්තයගේ බෝම්බෙන් මැරුන අර මිනින්දෝරු මහතාට වුන අසාධාරනය ගැන මෙයා මොකද කියන්නේ? මේ සංදර්ශන ඒගොල්ලන්ටම හොඳයි. ලබන සැරේ දෙන්නනම්.

:       0       116

sathyapalaSaturday, 14 October 2017 08:21 PM

මේ වැරදීමකින් එතනින් ගියා කියලද හිතන්නේ? මේවා නාටක. රටක ජනාධිපති "වැරදිලා" "කුපිතවූ මහජනතාව" කරන උද්ඝෝෂණයක් මැදින් ගිහින් බැහැල ඒ අතරට යනවා.මේ කලින් කතාකරගත් විදිහට කරපු රංගනයක්. සර් මෙහෙම එන්න. මෙන්න මෙතන අපේ විශ්වාසවන්ත එවුන්ටිකක් වෙනම කෑගහමින් ඉන්නවා.එතටට ඇවිත් බහින්න. ඔන්න තිර රචනය. දැක්කේ නැද්ද ඔය උද්ඝෝෂකයෝ සහ පොලිසිය බොහොම සහයෝගයෙන් එකට හිටපු විදිහ. හැබැයි හැදුවේ සටන් පිරි වීර නාටකයක් කියලහිතාගෙන ඒත් ප්‍රසිද්ධ "කොමඩියක්" වුනා

:       0       1349

ධම්මික Saturday, 14 October 2017 11:52 AM

උතුරේ විරෝධතාකරුවෝ හමුවෙනවා. දකුණේ විරෝධතා කරුවෝ හිරේ දානවා. අපූරු යහපාලනේ....

:       53       1010

parakkrama Saturday, 14 October 2017 12:18 PM

කට කහනවාට මොනවා හරි කියන, අඩුම තරමින් දෙමල ඩයස්පෝරාවට බන්දේසියේ තියලා දෙන්න යනවා වත් කියන, අර්ථ ශුන්‍ය අදහස් දමන, නම දාගන්න දඟලන කොමෙන්ට්කාරයෝ තවම මේක දැකලා නැති එකයි පුදුමේ!!! මේ සිද්ධියත් එක අතකින් ඇතැමුන්ට පුදුම උපදවන්නක් වෙයි.

:       963       24

Sahan Saturday, 14 October 2017 12:53 PM

ජනාධිපති හම්බන්තොට විරෝධතාකරුවන් හමුවෙන්නේ කවදාද?

:       13       517

saman Saturday, 14 October 2017 01:25 PM

...ඒ අසලින් ගමන් ගත්..... කීවේ ළඟදී පත්තර බලලා නැහැ වගේ. මොකුත් දන්නෙම නැතිව අසලින් ගිහින් තියෙන්නේ. මොකද යාපනේ විරෝධතාවය ගැන අපි නම් පත්තර, රුපවාහිනී බලලා දැනුවත් වෙන තරමින් වත් මෙයා දැනුවත් වෙලා නැහැ වගේ. රටේ අනිත් පැතිවල ආපදා විපත් වෙනවා. එතකොට ඒ අසලින් ගමන් ගන්නවත් කව්රුත් නැහැ. තොත්ත බබා.

:       0       641

arnold Saturday, 14 October 2017 02:45 PM

දකුණේ විරෝධතා කරන අය අතරටත් ගිහිල්ලා ඒ යටත් ප්‍රශ්න වලට විසඳුම් දුන්නොත් කොච්චර වටිනවද.? එහෙම නැති වුණොත් අපිට හිතේවි " ඒ අයට රජෙක් ඇත්තේ අපට එහෙම නැත්තේ කියලා "

:       0       370

ruchira Saturday, 14 October 2017 03:52 PM

අධිකරණ තහනම් නියෝග කඩකරපුවාම අත්අඩංගුවට ගන්නේ දකුණේ විතරද?

:       0       326

asanka Saturday, 14 October 2017 10:55 PM

කලින් කිවුවා වවුනියාව අධිකරණයෙන පමණක් නඩු දන්නා කියල, දැන් කියනවා වවුනියාව බන්ධනාගාරයට යවන්න කියල, මොකද වවුනියාවම ඉල්ලන්නේ ? . ලොකු සැඟවුණු හේතුවක් ඇති ඒකට..............

:       0       63

asanka Saturday, 14 October 2017 10:57 PM

මස් රාත්තලම දීලා චන්ද ටික ගන්නයි තියෙන්නේ.

:       0       58

!anura Sunday, 15 October 2017 08:53 AM

අනේ බොරු කියන්න එපා. ඔයා එයාලට බයයි නේද?

:       0       33

Upul Sunday, 15 October 2017 03:33 PM

මාව මරන්න ආපු කෙනාවත් මම නිදහස් කළා. ඔයාලව මරන්න ආපු කොටින්වත් මම නිදහස් කරනවා. මම යහපාලනයේ හොඳේ...

:       0       123

vipula Monday, 16 October 2017 05:17 AM

සිංහලයන් ගැන බලන්නේ නැත්තේ ඒ අය කෑලි කෑලි වලට බෙදිලා ඉන්න නිසා අනෙක් අය ඒ වගේ බෙදිලා නැහැ. ඉතින් චන්ද බලල වැඩ කරනවානම් මේක තමයි නියම ක්‍රමය. ඔබ අපි විරුද්ද වුන කියල වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 155 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2051 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1579 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site