(ආරියරත්න රණබාහු)
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය .
ප්‍රකට නීතිවේදියකු, දේශකයකු, ප්‍රවිණ ලේඛකයකු හා සමාජ විශ්ලේෂකයකු වු ඒ මහතා මිය යන විට 74 වන වියේ පසුවිය.
පසුගිය කාලයේ අන්දෝලනාත්මක නඩු රැසකට වර්ණකුලසුරිය මහතා පෙනි සිටිම නිසා බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට ලක්විය.
වර්ණකුලසුරිය මහතා ඉතාලියේ ශ්‍රී ලංකා නාතාපතිවරයා ලෙසද කළක් කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.
කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මාමණ්ඩිය වන වර්ණකුලසුරිය මහතා දිවංගත ජනප්‍රිය ගායන ශිල්පි එච්.ආ.ජෝතිපාලයන්ගේ මස්සිනාද වේ.
ඒ මහතාගේ අභාවයෙන් ශෝකයට පත්වන්නන් අතර බිරිද ජනප්‍රිය ගුවන් විදුලි ශිල්පිනි අයිරාංගනි වර්ණකුලසුරිය මහත්මිය සහ එකම දියණිය මිහිරි වර්ණකුලසුරිය මහත්මිය ද වේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන හේමන්ත වර්ණතකුලසුරිය මහතා කොළඹ නීති විද්‍යාලයේද ආදි ශිෂ්‍යයෙකි.
දේහය කොළඹ 10 නොරිස් කැනල් පාරේ අංක 47 පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සෙනසුරාදා (14) පස්වරු 4.00 ට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
(36698)
2025 දෙසැම්බර් මස 18
355
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය අභාවප්‍රාප්ත වෙයි
Mark Wednesday, 11 July 2018 04:11 AM
අයියෝ හොයපු සල්ලි,
d.upul Wednesday, 11 July 2018 05:06 AM
ඔබට නිවන් සුව!
Saumya Wednesday, 11 July 2018 06:13 AM
නිවන් සුව ලැබේවා....!!!
sena Wednesday, 11 July 2018 06:42 AM
නිවන් සුව අත්වේවා.
Mahee Wednesday, 11 July 2018 06:49 AM
එඩිතරව අදහස් පළ කල ඔබගේ වියෝව රටට පාඩුවකි, ඔබට නිවන් සුව පතමි.
C.K.Lankaputhra Wednesday, 11 July 2018 07:12 AM
එතුමාට නිවන් සුව අත්වේවා
Sanmalith Wednesday, 11 July 2018 08:24 AM
ජිවත්වෙන කාලේ කරපු ඉදපු හැටියට ප්‍රතිචාර තියෙනවා..........
Senarath Wednesday, 11 July 2018 08:31 AM
වන්ෂොට් නම් කැමති ඇති. මෙතුමා තමයි දූෂණ නඩුවට පෙනිහිටලා, වන්ෂොට් එකෙන් බේරාගත්තේ...