( නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගෙන මාස 5 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉන්දීය ජාතික මර්සලිස් තොමස් නැමැත්තා සම්බන්ධ මූලික විමර්ශන අවසන් බැවින් ඔහු මුදා හැරිමට කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ත ඩයස් නානයක්කාර මහතා අද නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කරමින් සිටියේ මෙම සිද්ධියට අදාලව පළමු සැකකරු වන ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් දැනට සාක්කි ප්‍රමාණවත්ව නොමැති බැවින් අද මුදා හැරීමට හැකි බවයි.
එසේම ඔහු වීසා නොමැතිව මෙරට රැදී සිටීම සම්බන්ධයෙන් වෙනම චෝදනා පත්‍රයක් මගින් කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කළේය.
ඒ අනුව සැකකරු අදාළ සිද්ධියෙන් මුදා හැරිමට අධිකරණය නියෝග කළේය.
එමෙන්ම වලංගු වීසා බලපතක් නොමැතිව මෙරට රැදී සිටීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නව පැමිණිල්ලට අනුව ඔහු ලබන මස 13 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කළ කළේය.

(ඡායාරූප - චතුර එස් කොඩිකාර )
2025 දෙසැම්බර් මස 16
44
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස්
sirimal Wednesday, 27 February 2019 08:52 AM
නාමල් කුමාරගේ එකට වැඩිය රන්ජන් රාමනායක නාඩගම හොඳයි වගේ.
පිටිගල මිලානෝ Wednesday, 27 February 2019 09:16 AM
අසාර්ථක වූ නාට්‍යයක්. තිර රචනය අප්සට්.
d.upul Wednesday, 27 February 2019 09:53 AM
තවත් මෙගා එකක්...