ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපතිවරයා ද වන හේමසිරි ප්‍රනාන්දු මහතා පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.
හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලේකම්වරයා හා තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබෙන හේමසිරි ප්‍රනාන්දු මහතා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සභාපතිවරයා වශයෙන් ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබේ.
ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමසිරි පිටරට ආයෝජක සමාගම් විසින් හොදින් අදුරන පුද්ගලයෙකි. සිරිසේන ජනාධිපතිටත් එවැනි වැඩ වලට මොහුගේ උපකාරය අවශ්‍ය වී ඇති බව පෙනේ. නැතිනම් මහජන බැංකුව වැනි වැඩ අධික බැංකුවක සභාපති කම දරන හෙමසිරිට තවත් කාර්ය බහුල ස්ථානයක ප්‍රධාන තනතුර දෙන්නේ මොන මෝඩයද?
හොඳ පරිපාලකයෙක්.