නිමන්ති රණසිංහ
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන අය සම්බන්ධ ඇප නියෝගය 26 වැනි දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එන්ජී ෂුගර් පෞද්ගලික සමාගමට දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර හා ගොඩනැගිලි පවරා දීම වෙනුවෙන් අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබා ගැනීමේ දී සිද්ධියට අදාළව මෙම සැකකරුවන් දෙදෙනා මාස දෙකකට අධික කාලයක් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ඇපද? නඩුව සම්පුර්ණයෙන් ඉවර වෙනතුරු රිමාන්ඩ් බන්දනාගාරයේ ඉන්න ඕනේ. එලියට දැම්මොත් අනිකුත් පගා කාරයෝ ටික වැඩි වැඩියෙන් පගාවල් ගනියි.