(බිඟුන් මේනක ගමගේ)
ජනාධිපතිවරණයක ආරක්ෂක රාජකාරිවලට ප්‍රථම වරට අති නවීන ක්ෂුද්‍ර කැමරා භාවිත කිරීමට ශ්‍රී ලංකා පොලිසිය මෙවර කටයුතු කරන්නේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'ලංකාදීප'යට අද (03) පැවසීය.
ජැකට්ටුවක රැඳවිය හැකි මෙම නවීන තාක්ෂණික ක්ෂුද්‍ර කැමරා පොලිසියට ලබා දී ඇත්තේ සී.එම්.ඊ.වී හා පැෆ්රල් යන මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල අනුග්‍රහයෙනි.
ඒ අනුව මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇති විශේෂ පොලිස් කාර්ය බලකා කණ්ඩායම් 75 ක් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු මෙම කැමරා ලබා දී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සාක්ෂි සහිතව හඳුනාගැනීමේ අරමුණෙන් හා ඒ අනුව ගන්නා අධිකරණ ක්‍රියාමාර්ග පහසු කිරීම සඳහා මෙම කැමරා ජැකට් සහිත විශේෂ පොලිස් කාර්ය බලකා කණ්ඩායම් හැත්තෑ පහ කටයුතු කරන්නේ යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ආරක්ෂක පොලිස් කණ්ඩායම් යොදා ඇතැයි ද පූර්ව මැතිවරණ කාලසීමාවේත් ඡන්ද විමසීම් පැවැත්වෙන දින සහ පශ්චාත් මැතිවරණ කාලසීමාවේත් මෙම කණ්ඩායම් ආරක්ෂක නිරීක්ෂණයේ යෙදවීමට පොලිසිය කටයුතු කර ඇතැයි ද ඔහු කීය.
වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, රථවාහන හා මැතිවරණ පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේගුණවර්ධන, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් මෙම කටයුත්ත සිදුකර තිබේ.
COMMENTS
පොලිස්පතිතුමනි, මේ කැමරා ටික මේ දේශපාලුවන්ගේ හොර අල්ලන්න පාවිච්චි කරා නම් තමයි වඩා හොඳ... මොකද මැතිවරණ නීතියක් නිසා හිරේ යන්නෙත් ඔය දේශපාලුවන්ගේ බොරු අහලා අසරණ වෙච්ච අහිංසක මනුස්සයෙක්...
තාක්ෂණය භාවිතා කළයුත්තේ මැතිවරණයේදී පමණක් නොවේ... විශේෂයෙන් දේශපාලුවන්ගේ මැදහත්විම් වලදී තාක්ෂණය භාවිතා කිරීම අත්‍යාවශ්‍යයි.
අපරාදේ රටේ සල්ලි. තවත් නාස්ති කරනවා මැතිවරණයක් වෙනුවෙන්... සාධාරණ මැතිවරණයක් රටේ තිබේවිද?