ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සුදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට උපදෙස් තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු පිළිබද පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරු කැඳවා අද (13) ජනාධිපති කාර්යාලයේදී පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරුන් සමඟ අද (13) මෙම හමුව පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරපාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.
(36698)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයක්
sena Sunday, 13 January 2019 02:26 PM
මොකට ලැහැස්ති වුණත් වැඩක් නැහැ. 4%ක්නේ තියෙන්නේ...
Amila Sunday, 13 January 2019 02:41 PM
මේ නිකන් ආවට ගියාට කියන කතා.
de silva Sunday, 13 January 2019 03:22 PM
මොනවා කළත් ලබන සැරේ ජනාධිපති වරණයට ඉල්ලුවොත් ඔබතුමා පරදිනවා. ඔබතුමා සභාපතිකම දරන පක්ෂෙට තිබෙන්නේ 4%, ඊට පස්සේ එන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට එන්නත් 4% මදි
Sapumal. Monday, 14 January 2019 02:30 AM
මෙතුමා මීට වඩා බොහෝ දේවල් කරන්නනේ වැඩකරේ... නීතියට හා ව්‍යවස්ථාවට පටහැනිව. ඒවා ඔක්කොම ගඟේ ගියා... පාර්ලිමේන්තුවේ බහුතර බලය කියන දේයි පිළිගන්නට වෙන්නේ. අනිත් අය ඡන්දෙට බයයි කීවාට මෙතුමාත් ජනාධිපති ඡන්දයට බයයි වගේ පේන්නේ. කොහොම වුනත් රටට ප්‍රථමව අවශ්‍ය ජනපතිවරණයක්... නැතිනම් මෙතුමා ආයෙත් රට අවුල් කරනවා. ජනතාව කැමති නව ජනපතිවරයෙක් පත්කර ගන්න ජනතාවට නිදහස තිබිය යුතුයි.
jutin Monday, 14 January 2019 04:29 AM
මැතිවරණ, මැතිවරණ, අනේ ඉතින් මෙයාගේ කටේ ඔය වචනේමයි තියෙන්නේ.. වෙන වචන එන්නේ නැහැ... අනේ අපේ සල්ලි ..
jagath Monday, 14 January 2019 04:49 AM
දැන් පැහැදිලි ඔක්තොබර් කුමන්ත්‍රනේ අැත්තක් කියලා. මෙතුමා වගේ රට කාපු නායකයෙක් තවත් නෑ. එ්ක නිසා අපිට මුලින්ම ඕන සැබෑ ජනනායකයෙක්....
sirimal Monday, 14 January 2019 10:29 AM
ඒක නුවණට හුරුයි.