ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳුඳා (16) නිතර දක්නට නොලැබෙන ආකාරයේ දීර්ඝ කතුවැකියක් පල කරමින් ප්‍රබල ප්‍රකාශයක් කර ඇතැයි සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි.
“ජනාධිපති වුණත් නීතියට යටයි” යන මැයෙන් වචන 1,366 කින් සමන්විත මෙම කතුවැකියෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “ඔහුගේ ජනාධිපතිවරණ ‘මැතිවරණ ව්‍යාපාරය’ සහ පරිපාලනය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ නෛතික ආයතනය කරන විමර්ශන කටයුතු නවතා දැමීමට හෝ අඩපණ කිරීමට කටයුතු කරනු ඇතැයි” යනුවෙන් අනතුරු අඟවා තිබේ.
“නීති සම්පාදකයන් එවැන්නකට සූදානම් විය යුතුය. අතීත සිදුවීම් දෙස බැලීමේදී ව්‍යවස්ථාව අතැතිව ඔවුන් දුෂ්කර අභියෝගයට මුහුණ දෙන්නට සිදුවේවි” යැයි එහි සඳහන් කර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ නීතිඥ රොබට් මුලර් හෝ නියෝජ්‍ය නීතිපති රොඩ් රොසෙන්ස්ටයින් ඔවුන්ගේ ධුරවලින් ඉවත් කරනු ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් කතුවැකියෙන් තවදුරටත් පෙන්වා දී තිබේ.
“රිපබ්ලිකන්වරුන් මෙම නිලධාරින් දෙදෙනාට එරෙහිව ගන්නා ක්‍රියාකාරකම් නොඉවසීමට වග බලා ගත යුතුයි” යැයි නිව්යෝක් ටයිම්ස් කතුවැයේ සඳහන්ව තිබේ.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ සඳුඳා දින කතුවැකිය සම්පූර්ණ පිටුවක් පුරා පළ වී තිබිණි.
සාමාන්‍යයෙන් කතුවැකිය පළ වැනි පිටුවේ ප්‍රධාන කතුවැකියට අමතරව තවත් කතුවැකි කිහිපයක් මෙන්ම පාඨකයන්ගෙන් ලැබෙන ලිපි ද පළ කරයි.
සුවිශේෂී සහ ආවේණික ප්‍රතිචාරයක් දැක්වීමේ අරමුණින් මෙම කතුවැකිය පළ කළ බව කතුවැකිය පළවන පිටුවේ සංස්කාරක ජේම්ස් බෙනට් පැවැසීය.
“මේ වනවිට පවතින දේශපාලනික සහ නෛතික අරගලය කොයි යම් මොහොතක හෝ ව්‍යවස්ථා අර්බුදයක් බවට පත් වෙනවා. එය මහ ගැටුමක් වේවි. එහෙත් කිසිවකුටත් එවැන්නක අවශ්‍යතාවක් නැහැ” යැයි ‘සී.එන්.එන් මනී’ වෙත ඊමේල් පණිවුඩයක් එවමින් බෙනට් කීය.
“අපේ බලාපොරොත්තු වෙනවා එවැන්නක් ඇති නොවේවි කියලා. එහෙත් අපි අපේ පාඨකයන් ඊට සූදානමින් තබනවා. අර්බුදයක් ඇති වුවහොත් ඔවුන්ට එයින් යම් අවබෝධයක් තිබෙනවා” යැයිද බෙනට් කීවේය.
ඉරිදා (15) දිනයේදී කතුවැකිය නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වෙබ් අඩවියේ පළවිය. පුවත්පතේ කතුවරුන්, සංස්කාකරවරුන් කිහිපදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම දීර්ඝ කතුවැකියට දායකත්වය දක්වා තිබිණි.
ජනාධිපති ට්‍රම්ප් මුලර් හෝ රොසෙන්ස්ටයින් ඔවුන්ගේ ධුරවලින් ඉවත් කළහොත් එය ඇමෙරිකා එක්සත් ජනපද රජයේ අඩිතාලමට එල්ල කරන ප්‍රහාරයක් යැයි ද කතුවැකියේ සඳහන්ව තිබේ.
එවැන්නක් සිදුවුවහොත් ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ජනතාව නීතියට ඉහළින් සිටින බව එයින් ඇඟවෙන්නේ යැයි ද එය වැරැදි පූර්වාදර්ශයක් පෙන්වන්නේ යැයි ද කතුවැකිය පෙන්වාදෙයි.
“ඒ ක්ෂණයෙන් ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වෙනවා” යැයි නිව්යෝක් ටයිම්ස් කතුවරයෝ පෙන්වාදෙති.
නිව්යෝක් ටයිම්ස් කතෘ මණ්ඩලය ඔවුන්ගේ ප්‍රබලතම වචන කිහිපය අවසානය සඳහා ඉතිරි කරගෙන තිබිණි.
ජනාධිපතිවරයා රජෙක් නෙමෙයි. ඔහු පුරවැසියෙක්. අහිංසක බව සහ අනෙකුත් ආරක්ෂා යන පූර්ව නිගමනවල පදනම් වී බැලූ විට ජනාධිපතිවරයා රජෙක් නෙමෙයි. ඒ වගේම නෛතික සුපරීක්ෂාවට ලක්වීමේ අවදානමක් ද තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා මෙය තේරුම් ගනිවි කියලා මම හිතනවා. ඔහු එය තේරුම් නොගත්තොත් රිපබ්ලිකන්වරුන් අනාගතය සකසන්නේ කෙසේ ද ? ඒ වගේම මේ ජනාධිපතීත්වය සහ රටේ ශ්‍රේෂ්ඨතම දේශපාලන පක්ෂවලින් එකක් වන රිපබ්ලිකන් පක්ෂයේ අනාගතය තීන්දු කරන්නේ කෙසේද ? ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද ? එහෙත් මෙය ඇමෙරිකාව ඔවුන්වම පරීක්ෂණයට ලක් කරගැනීමක්”
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනාධිපති රජෙක් නෙමෙයි - නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියයි
de silva berlin Monday, 16 April 2018 09:14 AM
ඕක සුළු දෙයක්නේ... ඇමති තනතුරු 100ක් විතර ඇතිකරලා විපක්ෂයේ මන්ත්‍රීලාට ඇමැතිකම් දුන්නාම එතුමන්ලා ඒවි.. ජනාධිපතිතුමාගේ දෑත ශක්තිමත් කරන්න. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ 2/3 බලය අරන් ව්‍යවස්ථාව වෙනස් කරලා, ජනාධිපතිට නඩුදමන්න බැරි විදිහටත්, කැමති වාර ගණනක් ජනාධිපති පදවිය දරන්න පුළුවන් විදිහටත් නීතිය වෙනස් කරන්න. ඊට පස්සේ "මහරජාණෙනි ආයුබෝවේවා" කියලා ප්‍රශස්ති ගීයකුත් නිර්මාණය කරගන්න.
Sanath Monday, 16 April 2018 10:01 AM
මොන ක්‍රමයකින් හරි පදවියෙන් පන්නන තුරු ඕනෑම රටක නායකයකුට පුළුවන් හිතුවක්කාර විදිහට වැඩකරන්න. ට්‍රම්ප් ව්‍යවස්ථාවෙන් රජෙක් නොවුණත් රජෙක් වගේ ක්‍රියාකරන්න බැරිකමක් නැහැ.
රවින් Monday, 16 April 2018 10:11 AM
ලංකාවේ වැඩ පිළිවෙල අධ්‍යයනය කරපු උපදේශකයෙක්ලු... දැන් දැන් ට්‍රම්ප්ට උපදෙස් දෙන්නේ. ඕවත් වැඩද...// මල්ලියේ ඕවත් වැඩද ...? රජ වැඩ කිඩ දෙන්නට... දැන් ට්‍රම්ප්ගේ ගීතයලු...
Sunil Monday, 16 April 2018 10:27 AM
අපි මහ රජාණෙනි!!! කියලා සින්දු කියපු කාලේ ටයිම්ස් කට්ටිය මෙහෙ ආවා නම් අද ඔහොම ලියන එකක් නැහැ.