IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් අභාවප‍්‍රාප්ත වෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

නීතිපතිවරයා ලෙස මෙන්ම ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ එකම පුද්ගලයා වන ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් මහතා  අද (08) අභාවප‍්‍රාප්ත විය.

කීර්තිමත් නීති විශාරදයකු ලෙස පිළිගැනෙන ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් මහතා රාජගිරිය ලේක් ඩ‍්‍රයිව් හි පදිංචිව සිටි අතර මුස්ලිම් ආගමානුකූලව අද ජාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී ඒ මහතාගේ දේහය මිහිදන් කෙරිණි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන ඒ මහතා 1969 වර්ෂයේදී නීතීඥයකු ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව රජයේ නීතීඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමෙන්තුවට බැඳී එහි ඉහළම තනතුර වන නීතිපතිවරයා ලෙස පත්විය.

ඉන් අනතුරුව පෞද්ගලික නීතීඥ වෘත්තියට පිවිසි ඒ මහතා ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස පත් විය. මෙම තනතුරු දෙකම හෙඹවු එකම පුද්ගලයා වන්නේ ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් මහතාය.



අදහස් (0)

ජනාධිපති නීතීඥ ශිබ්ලි අසීස් අභාවප‍්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site