නාලක සංජීව දහනායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් ඕනෑ තරම් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (14) පැවසීය.
එබැවින් හිටපු ජනාධිපතිවරයා විසින් ජනතාව ඉල්ලා සිටින වඩාත්ම සුදුසුකම් සහිත පුද්ගලයා ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සඳහා ඉදිරිපත් කරනු ඇතැයිද ඔහු කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
‘‘විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන්නේ ජයම්පති වික‍්‍රමරත්න හා එම්.ඒ සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසිනුයි. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ අනුන්ගේ දරුවෙකුට උප්පැන්න සහතිකයක් දීමයි. එය ජනතා විමුක්ති පෙරමුන විසින් සිදු කරනු ලබන බරපතළ දේශපාලන වරදක්. මෙය පාර්ලිමේන්තුවේ සම්මත වුනොත් මහජන නියෝජිතයන්ට මහජනතාව වෙනුවෙන් පෙනී සිටින්න තිබෙන අයිතියත් සම්පූර්ණයෙන්ම නැති වෙනවා.
එමෙන්ම යම්කිසි ප‍්‍රශ්නයක් ඇතිවුනොත් අධිකරණයට යෑමේ අයිතියත් නැති වෙනවා. ඒනිසා මේ පනත සම්මතවීම අතිශයින්ම භයානකයි. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරමින් ජනාතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂයේ කොන්ත‍්‍රාත්තුවක් කරන බව ඉතාම පැහැදිලියි.‘‘
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්ලෙලි සොයාගැනීම මහත් අමාරු කාර්යයක් නෙවෙයි. ඔබ කියන දේ හරි...
මේ කට්ටිය වැඩේ කළත් කුඩුකාරයින්වමයි තෝරගන්න වෙන්නේ...
අද අප රටේ තිබෙන කිසිඳු පක්ෂයක කිසිවෙකු සිටින්නේද හොරකම් නොකළ, මහජන දේපොළ හොරා නොකාපු, අඩුතරමින් මහජන බදුමුදල් වලින් "පිනට කෑම වේලක්වත් සප්පායම් නොවෙච්ච මහත්මයෙක් මහත්මියක්" අන්න ඔහු හෝ ඇය ඔය කියන ප්‍රධාන මහජන නියෝජිතයා ලෙස සුදුසුකම් ලබන්නේය.. එබැවින් මේ ගොයියගෙන් ඇසීමට මෙවන් ප්‍රශ්නයක් අප හට ඇත. අවංකව කියනවා බලන්න" ඉහත සඳහන් නිවට ගව ගතිගුණ" නැති මහත්ම මහත්මියක් ඉන්නවාද කියා ඔය කියන පොහොට්ටුවේද, පිපිච්ච අටමඟලේද? මෙම සුදුසුකම පිළිබද ප්‍රශ්නය අපි නිල්, කොළ, රතු යන හැම පක්ෂයකින්ම අහනවා. හිතට එකඟව උත්තර දෙන්න !!!
ඉල්ලනවා වගේද දිනන එක... ඔතන දිනන්න පුළුවන් කෙනෙකුට ඉන්නේ එක්කෙනයි. ඒ නිසානේ එයාගේ නම ඔය තරම් පාවිච්චි කරන්නේ. ඔය කොච්චර පුරසාරම් දෙඩෙව්වත් එයාගේ නම නැති වූ දවසට සේරම හබක්...
ලංකාවේ හතර වටේ පයින් ගියත් සුදුසුකම් තියෙන අය නැහැ. උගතුන් මිනිස්කම් ඇති සේරම රටින් පිට ඉන්නේ. ඒ අයට කෝටියක් දෙනවා කිව්වත් එන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැති කට්ටිය තමයි බලයට පොර කන්නේ. විපක්ෂයේ නායකයා කියනවා පුතාව ඉදිරිපත් කරන්න වයස මදිලු. වයස ප්‍රශ්නයක් නැහැ. මොලේ තියෙනවනම් ඉදිරියේදී පිටරටින් සුද්දෝ ඉල්ලුම් කරයි අපිට දෙන්න. අපි රට ගොඩ ගන්නම් කියලා.
අර එදා කිව්වා වගේ ඉස්සරහට එන්න තවත් “මෝඩ යක්කු” බොහෝ ඇත.
මෙතුමාගේ ප්‍රකාශය වඩාත් නිවැරදි වීමට නම් " රාජපක්ෂ පවුලේ වඩාත්ම සුදුසුකම් සහිත පුද්ගලයා පත්කරනු ඇත." යන්න සුදුසුය. දිනන පැත්තකට හේත්තුවෙලා එහෙමත් නැති නම් වලව්වක වළං හෝදලා හරි බඩගෝස්තරය නිවාගන්න බලන මෙවැනි දේශපාලකයන් අද අපි බොහෝවිට දකින්නෙමු. රටේ අවාසනාවත් එයමයි. රටේ පීඩිත පන්තියක් අපමණ දුක් විඳිනකොට ඔබලා කතා කරන්නේ කා ගැනද?
අපොයි ඔව්. පොහොට්ටුවේ ඔක්කොම වගේ වංචා චෝදනා තියෙන නිසා හොඳට ගැලපෙනවනේ... ඒ වගේම සුදුසුයි. හැබැයි රටේ ජනතාව ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, මොලේ නැති අය වෙන්නම ඕනේ...
ජවිපෙ හැර කවදද ඔබලා මහජනතාව වෙනුවෙන් පෙනී සිටියේ?
Hafeel, ජවිප ය ජනතාව වෙනුවෙන් පෙනී සිට ජනතාවට මොනවාද ලබා දුන්නේ? හැබැයි එජාපෙ වෙනුවෙන් පෙනීසිට ජනතාව අමාරුවේ දැම්ම බව නම් දැක්කා. අත්තනෝමතිකව තමන් විනිසුරුවන්ට සමාන කරගනිමින් පඩි වැඩිකර ගන්නාවිට ජනතාව වෙනුවෙන් පෙනීසිටියාද?
වර්ණකුලසූරිය රාජපක්ෂලා පැත්තකින් තියලා රටේ ජනාධිපතිකමට සුදුසු එක පුද්ගලයෙක් නම් කරන්න අපිටත් දැනගන්න. සුදුසුකමත් කියන්න.
හැමෝටම සුදුසුකම් ඕනෑවටත් වැඩියෙන් තියෙනවනේ. ඒ කියන්නේ මැර බලය සහ මුදල්...
සුදුසුකම් ඇති අය ඕනෑතරම් ඉන්නවා. ඒත් ඔවුන් බුද්ධිමත් නිසා මේ නරාවලට වැටී ජරාව ගාගන්න කැමැති නැති එකයි ගැටලුව. සුදුස්සෙක් ඉදිරිපත් වුනොත් අපේ කට්ටිය කොහොම හරි එයා පරද්දන වග නම් අනිවාර්යයි...! රටේ අවාසනාව තමයි...!