චමිල් රූපසිංහ
අනාදිමත් කාලයක සිට පැවැති ජාතීන් අතර සුහද බව තව දුරටත් තහවුරු කර ගනිමින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සියලු ජාතීන් කටයුතු කිරීම ඉතාම වැදගත් බව වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමියෝ පවසති.
මහා නාහිමියෝ එලෙස කියනුයේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.
සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් වසර දහස් ගණනක් තිස්සේ ජීවත්වූ බවත් වරින් වර මෙම සුහදතාවට හානි වන සිදුවීම් සිදු වුවද ඒවා එතරම් දුරදිග නොගොස් යළිත් පෙර පැවැති සුහදතාව ගොඩ නගා ගනිමින් ජීවත් වූ බවත් මහා නාහිමියෝ සඳහන් කරති.
ජාතික සමඟිය පළුදු වන සිදුවීම් උලුප්පා පෙන්වමින් මෙරට තුළ ජාතීන් අතර ගැටුම් ඇති බව පෙන් වීමට උත්සහ කරන පිරිසක්ද සිටින බව ඒ හිමියෝ සඳහන් කරති.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එකම දින වකවානුවල යෙදෙන බැවින් ජාතික සමඟිය ගොඩ නංවා ගැනීමට මෙය නිමිත්තක් බවද මහා නාහිමියෝ අවධාරණය කරති.
COMMENTS
අවසරයි අපේ ගරුතර මහනායක හාමුදුරුවනේ, ඉතාම කාලෝචිත ප්‍රකාශයක්.
ඔබවහන්සේ ඔය වදාල ප්‍රකාශය පොහොට්ටුවේ අය පිළිගනිද?
මේ කාලේ සමහරු ඔය ජාතික සමගිය ගැන කතා කරද්දී අපිට හිනා යනවා."හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්" කතාව මතක් උනා.
අනේ හාමුදුරුවනේ ඔබේ ජාතික සමගියට පත්තරකාරයෝ කොතරම් සපෝට් ද කියලා කියනවා නම් අපි ලියන අදහස් පල වෙන්නේ නැත. වැසි නැති අකුණු අපිට ඕනේ තැන්වලට පාත් කරන්න පුළුවන් නම්...