IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ජාතික කොඩිය හෑල්ලුවට ලක්කිරිම අනුමත කරන්නේ නෑ’ - විග්නේෂ්වරන්

(සිරාජ් හසීම්)

දේශපාලන පක්ෂ අතර සහ ජනතාව අතර ජාතික කොඩිය පිළිබද විවේචන තිබිය හැකි වුවත් ජාතික කොඩිය හෑල්ලුවට ලක්කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.

ජාතික කොඩියක් යනු රටක අනන්‍යතාව බවත් එය හෑල්ලුවට ලක්කිරීම යනු තම ජනතාවද ප්‍රතික්ෂේප කිරීමක් බවත් පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේෂ්වරන් මහතාට මෙම විරෝධය වෙනත් ආකාරයකින් පෙන්වා දීමට තිබුණු බවත් මහ ඇමැතිවරයා සඳහන් කළේය. 

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා ස්ර්වේෂ්වරන් මහතා පසුගියදා වව්නියාව සිංහල මහා විද්‍යාලයේ පැවති උත්සවයේදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කර සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මම 1959 වසරේ රෝයල් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බටයකු විදිහට ජාතික නිදහස් දින උත්සවයකට සහභාගී වුණා. ඊට පස්සෙ එකදු අවස්ථාවක හෝ නිදහස් දින උත්සවයකට සහභාගී වුණේ නැහැ. මම විනිසුරුවරයකු විදිහට සිටියදීත් ජාතික මට්ටමේ උත්සව වලට සහභාගී නොවී සිටියා. හේතුව බ්‍රිතාන්‍යන්ගෙන් රටට නිදහස ලැබුණත් සිංහල ආධිපත්‍යයෙන් අපට නිදහසක් නොලැබීම‍යි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ 4 වැනි දා  ජාතික නිදහස් දින උත්සවයට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා සහබාගී වුණා. මට එම උත්සවයට සහභාගී වෙන්න ආරාධනා ලැබුණත් මා ඊට සහභාගී වුණේ නැහැ. මම මගේ විරෝධය දැක්වුයේ එලෙසයි. එහෙත් මම  ශ්‍රීලාංකික ජනතාව  පිළිගෙන තිබෙන ජාතික කොඩිය ඔසවා ඊට ගෞරවය පුද කරනවා. 

ජාතික ගීය ගයන අවස්ථාවේදී නැගිට සිට ඊට ආචාරය පුදකරනවා.දැන් ජාතික ගීය දෙමළ බසිනුත් ගැයෙනවා. අධ්‍යාපන ඇමැති සර්වේශ්වරන්ගේ හැගීම් එක් ආකාරයකින් පිටතට පැමිණියා. ඔහුව මම තේරුම් ගත්තා.මම ඊට ගරු කරනවා. මාගේ අදහස නම් ජාතික කොඩිය සහ ජාතික ගීය ප්‍රතික්ෂේප කිරීම යනු අපගේ ජනතාවද ප්‍රතික්ෂේප කිරීමකට සමානයි කියලයි. සර්වේෂ්වරන්ට සිය සිත් ආවේගය පිට නොකර දරාගෙන සිටින්නට තිබුණා.

ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ ජාතික කොඩිය ගිනිතැබීම සාධාරණ ප්‍රජාතින්ත්‍රවාදී කරුණක් විදිහටයි බලන්නෙ.එය වැරැද්දක් ලෙස හුවා දක්වලා එසේ සිදුකරන අයව අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැහැ.සර්වේෂ්වරන් අමාත්‍යවරයාට සිය විරෝධය මෙසේ පාසලක නොදක්වන්නට තිබුණා.මෙය වෙනත් ආකාරයකින් පැහැදිලි කර දෙන්නට තිබුණා.මට ඒ ගැන තවත් මොකුත් කියන්න නැතැයි විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.



අදහස් (10)

‘ජාතික කොඩිය හෑල්ලුවට ලක්කිරිම අනුමත කරන්නේ නෑ’ - විග්නේෂ්වරන්

lanka Monday, 20 November 2017 09:04 AM

ඕක ඔච්චර ගණන් ගන්න ඕනේ නැහැ. දකුණේ මිනිස්සු ජාතික කොඩිය විකෘත්ති කරන්නේ කිසිම තැකීමක් නැතුව...

:       709       332

KANDEPOLA Monday, 20 November 2017 10:14 AM

මොවුන් මෙසේ හැසිරෙන විට රටේ සංහිඳියාව ඇති වෙයිද? දැන් වෙලා තියෙන්නේ රටෙන් කෑල්ලක් කඩාගෙන ඊලම පිහිටුවන්න බලාගෙන හිටපු අයට මොන විසඳුම් දුන්නත් පලක් නැති එකයි. මේ ක්‍රියාවලින් සිදුවන්නේ ද්‍රවිඩ ජනතාව තවතවත් අපහසුතාවයට පත්වීමයි.

:       0       111

sampath Monday, 20 November 2017 11:05 AM

ඉන්දියාවෙන් ඉල්ලන්න නිදහස අපෙන් ඉල්ලන්න එපා..

:       0       123

Hafeel Monday, 20 November 2017 11:33 AM

බලනකොට දකුණේ ජාතික කොඩිය විකෘති කල පිරිසටත් උතුරේ ජාතික කොඩියට විරෝධය පලකරන පිරිසටත් වෙනසක් නං නැහැ වගේ. දෙගොල්ලන්ගේ අරමුණ එක හා සමානයි වගේ...

:       169       51

සෙනෙවි Monday, 20 November 2017 11:46 AM

ගහන්න ගහන්න වඳින මිනිහා මෝඩයකි. මේ අය එක්කද සංහිඳියාව කරන්නේ?

:       0       203

Bamunuarachchi Monday, 20 November 2017 03:19 PM

කොහොම වුණත් මොනවා හරි කියලා සිංහල මිනිහාගේ හිත හදන්න නැතිනම් ඔය නළලේ තිබෙන මොට්ටුව සිංහලයෙකුගේ ටාර්ගට් එක වේවි !!!

:       0       306

Nandalal DE SILVA - FranceMonday, 20 November 2017 08:59 PM

පැහැදිලි මදි නිසයි අහන්නේ.... ඔය නළලේ තිබෙන "මොට්ටුව".. "පොට්ටුවක්" කියලයි මන් හිතන්නේ .... මම වැරදිද මන්දා !

:       24       0

minipe Monday, 20 November 2017 04:56 PM

බමුණු, ප්‍රකාශය ඉතාම දරුණුය.

:       20       0

kavantissa Monday, 20 November 2017 06:23 PM

සිංහලයා මෝඩයා දෙමළ මිනිහත් ඊට වඩා මෝඩයා. ඔහේ ගහ ගන්නවා.

:       0       2

one srilankan Tuesday, 21 November 2017 01:53 AM

ගරු කතෘ තුමනි හොද හෙඩිමක් ,,ඉදිරියේදීත් උතුරේ ජනතාව මෙන්ම දකුණේ ජනතාවත් කරන දේසපාලනමය ප්‍රකාශ මත හොද හෙඩිමකින් ප්‍රවුර්තිය එළිදක්වන්න තැන්ක්ස්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site