(රංජන් කස්තුරි )
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය මෙවර ඉතාම අසාර්ථක වු බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති සාකච්ඡාවක දි පැවසිය.
කොළඹ ජාතික රෝහල, ශ්‍රි ජයවර්ධනපුර රෝහල ඇතැම් රටපුරා රෝහල් ගණනාවක වෛද්‍යවරුක් පිරිසක් සාමාන්‍ය පරිදි රෝගි සත්කාර සේවාවල නිරත වු බව ඇමැතිවරයා සඳහන් කළේය.
රාජපක්ෂ කල්ලියේ අවශ්‍යතාවය මත රජයේ වෛදය නිලධාරින්ගේ සංගමයේ වැඩවර්ජනවල නිරතවන බව ඉතාම පැහැදිලි යැයි ද එහිදි පැවසිය.
2025 දෙසැම්බර් මස 04
549
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජිඑම්ඕඒ වර්ජනය අසාර්ථකයි ඇමැති රාජිත කියයි
DINUSA Wednesday, 26 July 2017 09:37 AM
පාසලකටවත් ගිහිල්ලා නැහැ වගේ වැඩ කරන්නේ...
aravindaWednesday, 26 July 2017 12:37 PM
මේ කියන්නේ දිනුස ගැනද?
Old Anandian Wednesday, 26 July 2017 09:42 AM
ඔබ අතිවිශිෂ්ටයි රාජිත. ඔබට ජය!!!
රොමේෂ් Wednesday, 26 July 2017 09:44 AM
මේ වගේ සෞඛ්‍ය ඇමති කෙනෙක් ඉන්නේ අපේ රටේ අවාසනාවට. දොස්තරලා අසාර්ථකයි නම් ඔබලා ඉතාමත් අසාර්ථකයි.
mahesh Wednesday, 26 July 2017 10:09 AM
දැන් දැන් මේ වෘත්තිය සමිති මගින් ආරම්භ කරන ලද වැඩවර්ජන අනවශ්‍ය ලෙස සීමාව ඉක්මවා ගොස් ඇත. රටේ ඇතිවන සියලු ප්‍රශ්න සඳහා මෙලෙස සියලු දෙනා වැඩවර්ජන කරමින් සිටීමෙන් රටට, ජනතාවට වන සෙත කුමක්ද? හෙට දිනයේ ජනතා සහාය නොලැබීමෙන් වෘත්තිය සටන් අඩපණ වනු ඇත. එය පාලකයන්ට කදිම ආශීර්වාදයක් වන දිනය වැඩි ඈතක නොවේ.
ReksWednesday, 26 July 2017 11:50 AM
මාර මොලේනේ, දැන් වෘත්තීය සමිති බය වෙයි, වෘත්තිය සමිතිවල ඉන්නෙත් මහා ජනතාවම තමයි.
Rohana Wednesday, 26 July 2017 10:13 AM
රාජිත ඇමැතිතුමනි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ මාෆියාව මර්ධනය කිරීමට නම් වෛද්‍ය පීඨයට වැඩිපුර සිසුන් බඳවා ගන්න. හමුදා පීඨයට වැඩිපුර සිසුන් බඳවා ගන්න. අැපෝතිකරි සේවය නැවත අරම්භ කරන්න. හෙදියන්ට (සීනියර්) බටහිර රටවල මෙන් වෛද්‍ය නල භාවිතා කිරීමට අවසර දෙන්න.
wedageWednesday, 26 July 2017 10:33 AM
ඔබතුමා ශ්‍රී ලංකාවෙන්ම බෙහෙත් අරගෙන ආදර්ශයක් පෙන්වන්න
Mohan Wednesday, 26 July 2017 10:19 AM
මොලේ නැතිකම තමයි ඉතින්...
sajith Wednesday, 26 July 2017 10:19 AM
මොලයක් තියෙන කෙනෙක් කතා කරා නම් තව කමක් නැහැ... හරි කියන්න තිබ්බා. ඇමතිවරුයි කියන අයට මොලේ නැහැ කියන්නේ නිකන් නෙමෙයිනේ...
wedage Wednesday, 26 July 2017 10:23 AM
මම ඕක කලින්ම කිව්වා !!!
Nimal Wednesday, 26 July 2017 11:02 AM
රෝහණ, ඇයි ඔච්චර ලංකාවේ වෛද්‍යවරු එක්ක තරහා? කවදාවත් ලංකාවේ වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් අරන් ලෙඩක් සනීප වෙලා නැද්ද?
mahinda Wednesday, 26 July 2017 12:46 PM
මෙයා කට පියාගන හිටියා නම් ප්‍රශ්නේ ඉවර වෙලා ගොඩක් කල්. අසාර්ථක නම් මොකෝ. කියන්නේ තමන්ගේ වාසියට. ජනතාව පීඩා කරන්න වෙන්න ඇති...
ප්‍රීති Wednesday, 26 July 2017 01:17 PM
දොස්තරලා වැඩ කරනවා කොන්දොස්තරලා වර්ජනය කරනවා. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැනේ. අනික ඉතින් පෞද්ගලික බස් රථ ඕනෑ තරම් තියෙන නිසා, එ්වල දොස්තරලා, කොන්දොස්තරලා, රෝගීන් මේ ඕනෑම කෙනෙකුට සල්ලි ගෙවලා නිදහසේ ගමන් කල හැකියිනේ.
ධම්ම Wednesday, 26 July 2017 02:57 PM
වර්ජනයේ සාර්ථක අසාර්ථක බව දැනෙන්නේ පෝලිමේ ගිහින් බෙහෙත් ගන්න අපටයි.