විනීතා එම් ගමගේ
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 248 ක් පිළිබඳ පැමිණිලි 248 ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි.
මෙම පැමිණිලි අතරින් 24 ක් බරපතල ගණයේ සිද්ධීන් බවත් මේ හේතුවෙන් සිව් දෙනෙකු රෝහල් ගත වී ඇති බවත් එම සංවිධානය පවසයි.
වැඩිම පැමිණිලි ප්‍රමාණයක් එනම් 72ක්ම ලැබි ඇත්තේ නීති විරෝධී ප්‍රචාරණය සම්බන්ධව බවත් දේශපාලන අරමුණු ඇතිව සංග්‍රහ කිරීම් පිළිබඳව පැමැණිලි 65 ක් ලැබී ඇති බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
රජයෙන් ලබා දෙන දීමනා ආධාර වශයෙන් දේශපාන අරුතින් ලබා දීම පිළිබඳ සිද්ධින් 13 ක්, රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කිරීම් හතක් හා රාජ්‍ය නිලධාරින් උසස් කිරීම්, මාරු කිරීම් හා පත් කිරීම් පිළිබඳ පැමිණිලි අටක් ද මේ පැමිණිලි අතර වෙතැයි හෙතෙම සඳහන් කළේය.
මෙම පැමිණිලි අතරින් 197 ක් පිළිබඳ මේ වනවිට පරික්ෂණ පවත්වා සත්‍යාසත්්‍ය තහවුරු කර ගත් බව ද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
ආගමික උත්සව වලට මුවා වි භාණ්ඩ ඛෙදා දිම් රැසක් පිළිබඳව මේ වනවිට වාර්තා වී ඇතැයි පෙන්වා දුන් ඒ මහතා හෝටල් වැනි ස්ථානවලට ගෙන්වා ගෙන සංග්‍රහ කිරීම් ගැන ද වාර්තාවූ බව පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
243
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
176
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
982
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද නීති කැඩීම ගැන පැමිණිලි 248ක් - පැෆරල්