IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ඡන්ද කාලේ ලංගමට කෝටි 12 ක් පාඩු කළැයි නඩුවේ උත්තර බඳින්න නියෝග

(මනෝප‍්‍රිය ගුණසේකර)


පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනරැලි සඳහා ලංගම බස් රථ යොදා ගැනීම වෙනුවෙන් ලංගමට ගෙවිය යුතු රුපියල් කෝටි 12 මුදල ගෙවීමට නියම කරන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු හත් දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් පවරා තිබු නඩුවෙන් හිටපු අමාත්‍යවරු දෙදෙනකුගේ නම් ඉවත් කර සංශෝධිත චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පිළිතුරු ඉදිරිපත් කරන්නැයි පෙත්සම්කාර පාර්ශ්වයට හා වග උත්තරකාර පාර්ශ්වයට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අවසන් වශයෙන් අද (10) නියම කළේය.

මීට පෙර අවස්ථාවකදී දෙපාර්ශ්වයම විරෝධතා ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව මෙලෙස පිළිතුරු ඉදිරිපත් කිරීම සඳහා අවසන් වශයෙන් දින ලබාදුන්නේය.

හිටපු අමාත්‍යවරුන් වන  සුසිල් පේ‍්‍රම්ජයන්ත හා අනුර ප‍්‍රියදර්ශන පෙරේරා යන මහත්වරුන්ගේ නම් එම නඩුවෙන් ඉවත් කර ඇත.

ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් පවරා තිබු මුල් නඩුවේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත, ගාමිණි සෙනරත් සහ අමල් සේනාධිලංකාර යන මහත්වරුන් නම් කර  තිබිණි. 

මෙම මුල් නඩුවේ චෝදනා පත‍්‍රය සංශෝධනය කළ පෙත්සම්කාර ලංකා ගමනාගමන මණ්ඩලය මුල් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන්ගේ නම් ඉවත් කර නව වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ගාමිණි සෙනරත් සහ අමල් සේනාධිලංකාර යන මහත්වරුන් නම්  කර ඇත.

සංශෝධිත චෝදනා පත‍්‍රය ඉදිරිපත් කිරීම පිළිබඳව ලිඛිතව විරෝධතා ඉදිරිපත් කිරීමට වගඋත්තරකාර පාර්ශ්වය කළ ඉල්ලීමකට අධිකරණයේ අවසර ලබා දීම නිසා ඔවුන් ලිඛිතව විරෝධය ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් පෙත්සම්කාර පාර්ශ්වයේ හා වගඋත්තරකාර පාර්ශ්වයේ උත්තර ඉදිරිපත් කිරීම සඳහා අවසන් වශයෙන් දින ලබාදුන් විනිසුරුවරයා මෙම උත්තර ලබන වසරේ පෙබරවාරි මස 06 වැනිදා ඉදිරිපත් කරන්නැයි නියම කළේය.



අදහස් (2)

ඡන්ද කාලේ ලංගමට කෝටි 12 ක් පාඩු කළැයි නඩුවේ උත්තර බඳින්න නියෝග

sirimal Wednesday, 10 October 2018 11:58 AM

ඔතන නම් තියෙන දෙන්නෙක් ආණ්ඩුවෙන් යනකල්ද හිටියේ නඩු දාන්න...?

:       0       12

de silva Thursday, 11 October 2018 03:29 AM

අපිව රවටන්න කරන බොරු වැඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 882 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site