
(ගයාන් සූරිය ආරච්චි)
අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරු වරුන්ගේ ධූර කාලය වැඩි කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරන බව හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියේ v වැනි උප වගන්තිය සංශෝධනය කිරීමට බවත් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස අවුරුදු 63 සිට 65 දක්වාත් දීර්ඝ කිරීම බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ කොල්ලුපිටිය අමාරි හෝටල් ශ්‍රවනාගාරයේ අද (9) පැවැති ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ " අධිකරණයේ ස්වාධිපත්‍යය බිඳ දමන දේශපාලන කූඨ මෙහෙයුම් පරදවමු" විද්වත් සමුළුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙසේද පැවසුවේය.
මෙම සංශෝධන කිරීමට රජය සමත් වේ නම් එය අතිශෝක්තියකින් තොරව කිය යුතු වන්නේ චිරාත් කාලයක් මෙරට ආරක්ෂා කරගත් ප්රජාතන්නත්රාවදී සංස්කෘතිය හා ආයතන සියල්ලක්ම සම්පූර් ණ යෙන්ම විනාශයට පත්වීම බවය.
මෙය නීතීඥ සංගමය මෙම සංශෝධනයට සම්පූර්ණ යෙන්ම විරුද්ධ වන අතර නීතීඥවරුන්, විනිසුරුවන් සහ සිවිල් සමාජය මෙම සංශෝධනය ඉල්ලා නොසිටි අතර මෙය පටු ආත්මාර්ථකාවීම දේශපාලන අරමුණු ඉටුකරගැනීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙසේ සංශෝධණය කිරීමට කටයුතු කරන බව ද මහාචාර් ය ජී.එල්. පීරිස් මහතා කීය.
(ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලලෝබි බඩගෝස්තරවාදි ආත්මාර්ථකාමී අවස්තාවාදී දුශිත දේසපාලුවන්ට එහෙට මෙහෙට පැන පැන ,මහාපරිමාණ හොරකම් වන්චා දූෂන කරමින් බඩවඩා ගන්ඩ හොන්දා.. .වල පයයි ගොඩ පයයි තියාගෙන තණ්හාවෙන් ඉහවහා ගිය එකාලා මැරෙනකම් බලයේ ඉන්ඩමයි හදන්නේ, . සියලු වරප්‍රසාද වරදාන බුක්ති වින්දගෙන සුවසේ සැපසේ ජීවත් වෙමින්, පවුල් පිටින්ම රැකුණේ මහජන බදු මුදල් වලින්.කිසිම උගත්කමක් සුදසුකමක් නැති දූෂිත දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක්.නැහැ.හොරකම් වන්චා දූෂන කරපු,ඇප පිට ඉන්න ,ළගදීම හිරේ යන්ඩ වෙන බව දන්න දූෂිත දේසපාලුවෝ විනිසුරු වරුන්ගේ සේවාකාලය දික්කරනවාට බයයි .
වැලිකඩ කොට්ඨාසයේ අපේක්ෂකයන් වැඩිම දෙනෙක් එකම තැනක දක්නට ලැබුණු අවස්ථාවක්ද මේ?
මේ කතාව කියන මිනිහ දැක්කම කතාවෙ හරය හිතාගන්න පුලුවන්, මේ රට විනාශකල මිනිසුන් එක්ක එකට ලැග්ග අපතයෙක් මේ
ඉතිං මක්කෙයි? මේ නාකි රැල අවුරුදු 80ව 90ව පැනලත්, රට කන්න ජන වරම ඉල්ලනකොට
අපරාදේ කියන්න බෑ. කොහේ ගියත් නිමල් මහත්තයා හොඳට නිදා ගන්නවා. වාසනාවන්!!
විනිසුරු වරුන්ගෙන් අහන්නෙනෑ ඉන්න කැමතිද කියල
විනිසුරුවරුන්ගේ සේවාකාලය ගැන කතාකරන ජී.එල්.පප්පා මහින්දගේ සේවාකාලය දීර්ඝ කරන්න කටයුතු කරපු විදිය ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බලය නැතුව, කරකියා ගන්න දෙයක් නැතුව, හොරකම් වන්චා දූෂණ වලින් බඩවඩා ගත්තු දූෂිත දේශපාලුවෝ සෙට් එකම එකට එකතුවෙලා....