(රංජන් කස්තුරි)
 
විශ්වාස භංගය යෝජනාව ගැන ඡන්ද විමසීමේදී තමන් වහන්සේ ඡන්දය දීමෙන් වැළකී සිටින බව අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී පැවසූහ.
 
රතන හිමියන් එලෙස කීවේ පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී රතන හිමියෝ වැඩිදුරටත් මෙසේ පැවසුහ.

‘ආණ්ඩුවට තව අවුරුද්දක් දෙනවා. එම අවුරුද්දක කාලය ඇතුළත කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධ යෝජනාවලියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට බාර දුන්නා.’ 

‘එම යෝජනාවලිය තුළ රට ගොඩනගන්න අවශ්‍ය යෝජනා තියෙනවා. පක්ෂ තුනම එකතුවෙලා  මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වෙනවා’ යැයි රතන හිමියෝ සඳහන් කළහ.