IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඡන්දය අහිමි වූ කතට අධිකරණයට යා හැකියි

(බිඟුන් මේනක ගමගේ )

ජනාධිපතිවරණයේදී  තමන්ගේ ඡන්දය වෙනත් අයෙකු පාවිච්චි කිරීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වූ ගලේවෙල මැදබැද්ද ප්‍රදේශයේ ඡන්දදායිකාවට එම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය නම් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි යැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ‘ලංකාදීප’ යට  පැවැසීය.

එවැනි සිදුවීමකදී ඡන්ද පොළ නිලධාරින්ට ගත හැකි විකල්ප පියවරක් නැතැයි ද රත්නායක මහතා අවධාරණය කර කීය.

ජනාධිපතිවරණයේදී මැදබැද්ද මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගිය අවස්ථාවේදී තම ඡන්දය වෙනත් අයකු විසින් ප්‍රකාශ කරනු ලැබීම නිසා මෙම සිදුවීමට මුහුණ පෑවේ ගලේවෙල මැදබැද්ද ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන පත්තිනිගෙදර කුසුමාවතී නමැත්තියයි. 

පසුව තමා ඒ ගැන ඡන්දපොල බලධාරින්ට පැමිණිලි කළ ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුණේ නැතැයි ඇය මාධ්‍යට ප්‍රකාශ කර තිබිණ.  



අදහස් (6)

ඡන්දය අහිමි වූ කතට අධිකරණයට යා හැකියි

sam Tuesday, 19 November 2019 09:31 AM

1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාගේ ඡන්දයත් හොරට දාලා තිබුනා. එතුමා ඡන්ද පොලට යනකොට. මට තාම මතකයි පත්තරේ පින්තුර තිබුනා. හැබැයි එතකොට අනුර ශ්‍රී ලංකා එක ඇතුළෙන්ම තමන්ගේ අපේක්ෂයාට විරුද්ධ අතරේ යුඑන්පී එකත් ජයටම වැඩ කරා. ඒ නිසා කවුරු හොර ඡන්දෙ දැම්මද දන්නේ නැහැ. ඒ වෙලාවේ අනුර සහ චන්ද්‍රිකා ශ්‍රී ලංකා එකේ බලය ගන්න මරාගන්නවා, ඒ නිසා චන්ද්‍රිකා සහ විජය කොබ්බෑකඩුවට වැඩකරා. අන්තිමට චන්ද්‍රිකා බලය ගන්න බැහැ කියලා තේරුනාම පක්ෂය කඩා ගෙන ගිහින් මහජන පක්ෂේ හැදුවා. දැන්නම් ඕවා මතකත් නැතුව ඇති.

:       0       54

nalaka Tuesday, 19 November 2019 09:36 AM

ඡන්දෙ අස්සේ අමතක වුනානේ. රනිල් එජාපයේ නායකයා වී 25 වන සංවත්සරය මේ මාසයේ සැමරීමට ඇත.

:       0       17

දිමුත් Tuesday, 19 November 2019 10:45 AM

මාර රටක්නේ....

:       10       0

ගමරාළ Tuesday, 19 November 2019 11:59 AM

දුප්පත් අසරණ අපිට මැතිවරණ ‌කොමිසමෙන් නඩුගාස්තු සදහා අවශ්‍ය මුදල් ‌දෙනවානම් අධිකරණයට යාහැකියි..සමහර ගම්වල එකම නම හා වාසගම තියෙන අය ‌කොතරම් ඉන්නවාද? ඒ් ගැන අවධානය ‌‌යොමුවේවා !

:       0       1

lalith Tuesday, 19 November 2019 12:36 PM

ජන්දදායකයාට අධිකරණයට යා හැකියි කීමට ඔබට ලැජ්ජා නැද්ද? ඔබලාට මහජනයා ගෙවන මුදල් වලට වැඩ කරා නම් ඔය වගේ දේවල් වෙන්නේ නෑ. අඩුම තරමේ ජන්දයක් එනකං නිකං ඉන්නේ නැතිව වැඩ පිළිවෙලක් යොදන්න. කී දෙනෙක් ඉන්නවද ලක්ෂ ගණන් පඩි ගන්න ඔය දෙපාර්තමේන්තුවේ ?

:       0       1

kawinda Tuesday, 19 November 2019 01:20 PM

ලැජ්ජයි මේ කතාව..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30810 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12852 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10926 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 826 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 246 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 901 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site