IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


චම්පිකගේ රියදුරුගේ බිරිදගෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා )
කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් , තම අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප‍්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන යාම නීතිවිරෝධී බවත් , එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා  හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලූම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  අද (24)  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
 
 ගාල්ල, ඉමදූව ප‍්‍රදේශයේ පදිංචි ඉරේෂා ලක්මාලි නමැත්තිය විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා, වැඩබලන පොලිස්පති, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින්, කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කරනු ලැබ සිටිති
 
 පෙත්සම්කාරිය කියාසිටින්නේ ඉකුත් 10 වනදා රාත‍්‍රී තම නිවසට කඩාවැදුණු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත්  තම මාස තුනක් වයසැති අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප‍්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන ගිය බවය.
 
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මේ ආකාරයෙන් රැගෙන ගොස් රඳවා ගැනීම තුළින්  ආණ්ඩුක‍්‍රම  ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නීය.
 
එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු වාර්තාවට අදාල ලේඛන ගෙන්වා  පරීක්ෂණයක් පවත්වා සිය මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට නියෝගයක් ලබාදෙන ලෙසත් , එලෙස රැගෙන යාමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප‍්‍රකාශ කරන්නැයිද  පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය. 



අදහස් (9)

චම්පිකගේ රියදුරුගේ බිරිදගෙන් පෙත්සමක්

beau Tuesday, 24 December 2019 11:19 AM

අබුද්ධස්ස කාලේ. ඇමති හොරු නිදහස් අහක යන මනුස්සයෝ හිරේ

:       0       9

Mahee Tuesday, 24 December 2019 12:17 PM

ඉතාම හොඳයි. ඒ රියදුරු අල්ලගෙන නඩු පවරනවා හෝ අත්අඩංගුවට ගන්නවා හෝ ඕන නීත්‍යානුකූල දෙයක් කළාට අපේ ප්‍රශ්නයක් නෑ. නමුත් අද කාලේ පොලිසියත් ආදි කාලේ කළා වගේ ගෙවල්වල ඉන්න අත දරුවයි, වයසක ගැහැණුයි ඇදගෙන ගිහින් ගාල් කරන එකනම් කැතවැඩක්. මේ කාන්තාවගේ පෙත්සම ජයග්‍රහණය කෙරේවා කියලා මම පතනවා.

:       0       13

dhammika Tuesday, 24 December 2019 01:57 PM

පේනවනේ අපේ පොලිසිය කොච්චර බුද්ධිමත්ද කියලා. හදිස්සියේ ගිහින් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ඩ්‍රයිවර්ගේ පවුලේ අයව. ඔය කට්ටියත් අහල පහල වෙච්ච දෙයකට ගෙදරට ඇවිත් අත්අඩංගුවට ගන්න ඕන කීවොත් පුදුම වෙන්න එපා.

:       0       1

Perera Tuesday, 24 December 2019 02:49 PM

දැන් අධිකරනයේ ස්වාධීනත්වය උරගා බැලිය හැකි කදිම අවස්තාවක්.

:       0       1

Kumar Tuesday, 24 December 2019 05:35 PM

මෙවැනි අකටයුතු හෙලාදකින්න ඕනේ... නඩු කාරයින්ට මේවා පේන්නේ නැද්ද?

:       0       4

lanka Tuesday, 24 December 2019 10:30 PM

පක්ෂ දේශපාලනයකින් තොරව මේ පෙත්සමට රටක් වශයෙන් සහය දියයුතුයි. මෙහෙම නිකරුනේ අදාල නැති අයට කරදර කරන්න පොලිසියට කිසිම අයිතියක් නැහැ. ගෙදරට පැමිණ ප්‍රශ්න කළහැකි වුවත් මෙසේ චෝදනාවක්, වරදක් නැතුව කෙනෙක්ට පොලිසියෙන් කරදර කරනවට උපරිම දඬුවම් දිය යුතුයි. පොලිසිය හිතන් ඉන්නේ තමන්ට ඕනෑදෙයක් කළ හැකියි කියලයි. හැබැයි ඔක්කොම පාට් දාන්නේ අහිංසක, දුප්පත් මිනිස්සුන්ටයි විපක්ෂේ ලොක්කන්ටයි විතරයි. මොන ආණ්ඩුව බලයට ආවත් බලයේ ඉන්න කිසි කෙනෙක්ට මොනවරද කළත් කිසිම අවුලක් නැහැ.

:       0       2

Bamunuarachchi Wednesday, 25 December 2019 01:20 AM

බැලූ බැල්මට ඒක අසාධාරණයි. පවුලේ කෙනෙක් කළ වරදට පවුලේ අනික් අය අපහසුවට පත් කිරීම නීතියේ ඉඩ තිබෙනවාද? ජනාධිපතිතුමනි, ඔබතුමාගේ රජය අපහසුවට පත් කිරීමට මොවුන් මෙවැනි දේවල් කරනවා වෙන්න පුළුවනි. පරිස්සම් වෙන්න. මොවුන් කරන වැරදි වැටෙන්නේ ඔබේ ගිණුමට.

:       17       75

Rata Perata Wednesday, 25 December 2019 05:16 AM

19 ත් අහෝසි කරගෙන මේ යන්න හදන්නේ මොන වගේ ගමනක් ද කියල තේරෙනකොට පරක්කු වැඩි වෙලා තියේවි. වහලුන් සහ ජඩ මාධ්‍ය මේවාට වග කිව යුතුයි.

:       260       320

BamunuarachchiThursday, 26 December 2019 04:40 AM

එළුවාගේ අඟේ දැන්වැටෙයි, දැන්වැටෙයි කියකියා පස්සෙන් යන හිවලෙකුට තරහ ගියාමත් ඔහොමයි. ලෝකයේ බලවත් රටවල මෑතක පාලනය කරලා තිබෙන්නේත් එ් කාලෙන් ආපු වහල් පරපුරේ අය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය මුද්‍රණාලයේ කලබලයක්
2025 පෙබරවාරි මස 13 161 0

රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ ඇති වූ ගැටමක් දුර දිග යාමෙන් එහි ආරක්ෂකයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


පාපන්දු ක්‍රීඩා පිටියේ යකඩ තට්ටුවක් වැටීමෙන් සිසුවෙක්ට තුවාල
2025 පෙබරවාරි මස 13 76 0

පළුගස්දමන පාසලේ පාපන්දු ක්‍රීඩාපිටියේ තිබූ යකඩ වැටක් කඩා වැටිමෙන් 11 හැවිරිදි සිදුවකු බරපත තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.


කොස්තාපල්වරයකුට තියුණු ආයුධ ප්‍රහාරයක්
2025 පෙබරවාරි මස 13 256 0

කොළඹ 02, ධර්මපාල මාවතේ ඊයේ (12) අලුයම 2.45 ට පමණ සැකකටයුතු ලෙස ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමට ගිය කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුට සැකකරු වි


අ‘පුරේ ස්කෝල 55 ක් රෑටත් විවෘතයි
2025 පෙබරවාරි මස 13 692 0

මෙවර 2024 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී සිටින පාසල් දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් එම දරුවන්ට සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ නොමිලේ අමතර ප


ඉන්දියාවෙන් පිටමං කළ අපරාධකරු කටුනායකින්
2025 පෙබරවාරි මස 13 533 0

ශ්‍රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි , රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු , ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ රැදී සිටියදී , එරට ආරක්ෂක අ


එකම අංකයේ කාර් දෙකක් අල්ලයි
2025 පෙබරවාරි මස 13 1130 0

එකම අංකයෙන් ධාවනය වූ ටොයටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 143 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 128 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site