(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව මහ බැංකුව චීන මහ බැංකුව හරහා ‘පැන්ඩා බැදුම්කර’ නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (3) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව චීන මහ බැංකුව ඔස්සේ මෙලෙස ‘පැන්ඩා බැදුම්කර’ නිකතු කරන්නේ පළමු වරටය. මේ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 250කට සමාන වන බැදුම්කර නිකුත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් චීන මහ බැංකුව එරට මුදල් ඒකකය වන රෙන්මින්බි වලින් මෙම බැදුම්කර චීන වෙළෙඳපොළට නිකුත් කෙරෙන අතර ඉන් අනතුරුව එය එක්සත් ජනපද ඩොලර්වලින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
චීන මහ බැංකුව ‘පැන්ඩා බැදුම්කර’ නිකුත් කිරීමට සහාය වීම සඳහා කාර්යසාධක බලකායක් ද ස්ථාපිත කර ඇතැයි මහ බැංකු අධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන බැංකුව හරහා නය ගැනීමෙන් අපට වෙන වාසිය මොකද්ද? මෙහෙම කරන අනික් රටවල් මොනවාද?
පැන්ඩා බැඳුම්කර මකර බැඳුම්කර වෙයිද දන්නේ නැහැ..