IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චීන ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක

(රොයිටර් ඇසුරිනි - 055)

චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පිටත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අමතරව නේපාලයේ ද සංචාරය කිරීමට නියමිතය. චීනය සහ ඉන්දියාව අතර ස්වභාවික බාධකයක් ලෙස ගොඩනැගී තිබෙන නේපාලය තුළ තම බලපෑම වැඩි කිරීමට චීනය, මෙම සංචාරයක අවස්ථාවක් කරගනු ඇතැයි පැවසේ. 

චීනය අති විශාල මුදල් කන්දරාවක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇතැයි පෙන්වාදෙන රොයිටර් පුවත් සේවය ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ, වරාය, දුම්රිය මාර්ග සහ මහමාර්ගවලට අරමුදල් සපයා ඇති අතර ඔවුන්ගේ ‘වන් බෙල්ට් වන් රෝඞ්’ ආසියාව හරහා වැඩි ඇති නූතන සේද මාවතේ කේන්ද්‍රස්තානයක් ලෙස ද ශ්‍රී ලංකාව සලකන බව සඳහන් කරයි. 

වසර 2014 දී චීන සබ්මැරීනයකට සහ යුද නෞකාවකට කොළඹ වරායට සේන්දුවීමට ශ්‍රී ලංකාව ඉඩ දුන් අතර එය ඉන්දියාවේ දැඩි අවධානයට ලක්විය. චීනය ඉන්දීය සාගර කලාපයේ කරන මැදිහත්වීම් සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානයෙන් සිටින බව ද රොයිටර් පුවත් සේවය තවදුරටත් සඳහන් කර තිබේ.



අදහස් (1)

චීන ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක

kumar (galf) Sunday, 19 March 2017 01:21 PM

හොඳයි මෙයාලා එන එක අල්ලපු රටේ උණ ටිකක් බහින්න.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site