‘‘පසුගිය වකවානුවේ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ අමාත්‍යවරුන්ට පැවරී තිබුණේ මුළු දවසම අත්සන ප්‍රැක්ටිස් කරන්න විතරයි. ඒ අයට බලයක් තිබුණේ නැහැ කියන චෝදනාව තිබුණා. ඒ චෝදනාවට ලක් වෙන්න එපා. රාජ්‍ය අමාත්‍යවරුන්ටත් ඔවුන්ගේ රාජකාරිය කරන්න අවස්ථාව දෙන්න'' යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (22) පැවැති නව අමාත්‍ය මණ්ඩයේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය අමතා ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුර අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
‘අපි දැන් පිහිටුවලා තියෙන්නේ අන්තර්ජාල ආණ්ඩුවක්. ලැබෙන පළමු අවස්ථාවේදීම මහ මැතිවරණයක් පවත්වලා අපේ රජයක් පිහිටුවනවා කියලා අපි කිව්වා. ඒ වෙනුවෙන් ජනවරමක් ඉල්ලුවා.ජනතාවගේ කැමැත්තට මහ මැතිවරණයකට අපි යනවා. මේ ආණ්ඩුව පිහිටුවන්නේ ජනතාවට පොරොන්දු වූ කරුණු ඉටු කිරීමට පමණයි. ඒකයි 15 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් පත් කරගත්තේ. ඉදිරියේදී අපිට අභියෝග රැසක් තියෙනවා .
මේ වෙද්දි පැවැතතෙන දේශපාලන සංස්කෘතියට විශාල අප්‍රසාදයක් තියෙනවා. අපි හැම කෙනෙක්ම දන්නවා ඒක .නව රජය එම සංස්කෘතියෙන් ඉවතතට ඇවිත් ජනතාව බලාපොරොත්තුවෙන යුගයකට යා යුතුයි.
ඒ නිසා අපි අපේ උපරිම හැකියාව යොදලා අපි ජනතාව වෙනුවෙන් අපි පොරොන්දු වුණ මූලික කරුණු අපි ඉටු කරනවා. එයට සෑම දෙනාගෙම සහය බලා බලාපොරොත්තු වෙනවා. ‘
රජය යටතේ තියෙන සංස්ථා මණ්ඩල බොහෝ ආයතන පාඩු ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා. අපි මේවා ලාභ ලබන භාණ්ඩාගාරයට බරක් නොවන අයුරින් සාර්තකව ගෙනියන්න අවශ්‍යයයි. ඒනිසා සභාපතිවරු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරද්දී සුදුසුකම් තියෙන වෘත්තිමය දැනුමක් තියෙන සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් , කාර්ය මණ්ඩලයක් පත් කල යුතුයි.තේරීම් මණ්ඩලයක් හරහා ඒ ආයතන ප්‍රධානීන් තෝරා ගන්නවා. අමාත්‍ය මණ්ඩලයටත් කියනවා ඒහෙම අය ඉන්නවා නම් තේරිම් මණ්ඩලයට යොමු කරන්න. ආයතන කාර්යක්ෂම වෙන්න ඒය ඉතා වැදගත් .
නිපුණත්වයක් අවශ්‍ය නොවන අමාත්‍යංශවල තියෙන ඇබෑර්තු ඒ සුදුසුකම් ඇති අයට දෙන්නත. අවසනාවට පසුගිය කාලයේදී අපට ඇසුණේ ඒ ඒ අමාත්‍යවරු අ තමන්ගේ ආසනයේ අය පත් කරනවා කියලා. ඒ වා දිය යුත්තේ දුප්පත් පවුල්වල අයට ඒවා දෙන්න ඕනි. ඒ අය ඉහළට ගන්න පුළුවන් ඒ විදිහට. ඉහළ සුදුසුකම් වැඩි අයට දුන්නොත් ඒවා සිදු වෙන්නේ නැහැ. පුරප්පාඩු අමාත්‍යවරයා විසින් පුරවන්නේ නැතිව සෑම මන්ත්‍රීවරයකුටම ඒ අවස්ථාව දිය යුතුයි. එවැනි පුරප්පාඩු ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දෙන්න. ඒවා අපි බලන්නම්.‘ යනුවෙන් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුහක නොවී , පාට කන්ණාඩි ගලවලා බැලුවොතින් ඇත්තටම මේ මනුස්සයා මොනවහරි කරාවි කියලා අවංකවම හිතෙන්නේ නැත්ද ?
අනේ ඔය ගමන්ම මහජන මුදල් මංකොල්ල කන්න එපා කියලත් කියන්නකෝ මහත්මයා. දැන් ඔබ ඉස්සරහ පුස් පැටවූ වගේ හිටියට කොමිස් ගහන්නම උපන් කොටසක් බවට පත් වෙලා උන්නේ පහුගිය කාලයක් තිස්සේම. මහජන මතය තමයි ඒ මංකොල්ලකෑම් නතර කරන එක.
ඔබතුමා අපේක්ෂිත රට ගොඩනැගීමට මැති ඇමතිතුමන්ලාට සහය දෙනමෙන් ඉල්ලා සිටිමි.
හරි දැක්ම සහ නායකත්වය.... ඒ වගේම ප්‍රතිඵල නොපෙන්වන ඇමැතිවරුත් ඉවත් කරන්න.
නියමයි ජනාධිපතිතුමා, ඔන්න ඔහොම කෙලින් වැඩ කළොත් රට හදන්න පුළුවන්.
දැන්වත් ‘’සිංහල බෞද්ධ ‘’ ලේබලය ගලවන්න .
'ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට' කියලා කියමනක් තියෙන්නේ නිකම් නෙමෙයිනේ. කියන කෙනාටම චෝදනා කොච්චර තියෙනවද? අනිත් එක අලුතින් වෙන්න දෙයක් නෑ. චෝදනා තියෙන අය මෙතන ඉන්නවා.
හොඳ දෙයක්... නියම කෙනාට රට ලැබිලා...
මන්ත්‍රීවරු නෙවෙයි සුදුසුකම් අධ්‍යාපන බලලා රජයේ රැකියා දෙන්න ඕනෑ ඇමෙරිකාවේ.., එංගලන්තයේ වගේ...
රාජ්‍ය ආයතන කීපයක් ලාභ ලැබුවේ යහපාලන ආණ්ඩුවේ විතරයි. ඒවාත් චම්පික රණවක ඇමතිතුමා ඇමතිකම් දරපු ඒවා. 2015 ට කලින් සියලු රාජ්‍ය ආයතන පාඩුයි.
හොදයි. ඒත් හොරකම්, වංචා, චෝදනා තිබූ සියල්ලෝම ඔබ වටේයි. එදා වැඩ ආරම්භ කළ පළමු දවසේම ඔබගේ මේසය වටේ එක්ව හිටියේ පල් හොරු ටික නේද? ඔබ වටේ ඉන්න අයගෙන් චෝදනා නැත්තේ කාටද? නීතියෙන් නිදහස් විය හැකි වුවත් තමන්ගේ හෘද සාක්ෂියෙන් නිදහස් විය හැකිද?
චෝදනා ඇති අයට ඇමති තනතුරු දීලා " ආයේ නම් ඒවගේ කරන්න එපා " කියන එක හරිම විහිළුවක් කියල හිතෙන්නේ මට විතරද? ? අර කකුළුවා ඇදේට යන ගමන් අනිත් උන්ට කෙලින් යන්න කියනවා වගේ කියලත් කවුරු හරි කියනවා ඇහුනා.
Sirima, ඔව් ඔව් ඒක විහිළුවක් වෙන්නේ ඔබට. අපිට ඔබව විහිළුවක්. කියන දේ තේරෙන්නේ නැති වුණාම විහිළුවක්.
ගෝඨාභය මැතිතුමනි, කුඩෑල්ලන්ව මෙට්ටය උඩ තියන්න බැහැ කියලා පැරණි කියමනක් තියෙනවා. අහලා නැද්ද? දේශපාලකයෝ කියන පිරිස කවදත් උත්සහ ගන්නේ මුදල් උපයන්න මිසක් රට හදන්න නෙවෙයි කියල ඉතිහාසය විසින් ඔප්පු කරලා තියෙනවා. මේක නිවැරදි කළොත් ඔබතුමාගේ නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියැවේවි.
වැදි බණ කියල දේවලුත් ලෝකේ තියෙනවලු අබරන් ගොයියෝ.......
ආයතන ප්‍රධානීන් සහ අධ්‍යක්ෂකයින් ඉතා ප්‍රවේසමෙන් පත් කරන්න. 2015 ආණ්ඩුව පෙරළන්න වැඩිම දායකත්වයක් දැරූ ආයතන ප්‍රධානීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය මේක කොයිතරම් දරුණුවට තිබුනද කියනවනම් එක් ඇමතිවරයෙක්ගේ කෙනෙක් කියලා අමාත්‍යශ භාර ඇමතිවරයා සේවකයන්ගෙන් පළිගත්ත ඒ තත්වය නැවත ඇති නොවෙන්න වග බලාගැනීම ඉතාමත් වැදගත්. ආයතන ප්‍රධානීන් සහ අධ්‍යක්ෂකවරු අයදුම්පත් කැදවලා දෙන්න පුලුවන්නම් හොද සේවයක් ලබා ගන්න පුළුවන්.