(ආරියරත්න රණබාහු)

සම්මානනීය චිත්‍රපටි  අධ්‍යක්ෂකවරයකු වු  ටී.අර්ජුන් මහතා (75) අභාවප්‍රාප්ත විය.ඔහු අධ්‍යක්ෂණය කළ සිංහල චිත්‍රපට අතර  කලියුග කාලේ, වසන්තයේ දවසක්  සහ සාරා ද වේ . මේ අතරින්  වසන්තයේ දවසක්  චිත්‍රපටය ඉමහත්  ජනප්‍රියත්වයට පත්වු  අතර  එය ජනාධිපති සම්මාන 8 කින් ද ගෞරවයට  පාත්‍රවිය.

එම චිත්‍රපටියම ‘වසන්තතිල් ඔරුවානවිල්’ නමින්  ඔහු  විසින් දෙමළ සිනමාවට ද නගනු ලැබීය.ඔහු ලන්ඩනයේ  ෆිල්ම් ස්කූල්  ඇකඩමියේ උපාධිරයකුවන අතර  කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

හෙතෙම පසුගිය කාලයේ ඉන්දියාවේ  නිපදවන ලද චිත්‍රපටයක නිෂ්පාදකවරයකු  ලෙස කටයුතු  කළ එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ඔහුගේ පුත්  උපේන්ද්‍ර  අර්ජුන්  මහතා විසිනි.
අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (20) බොරැල්ල කනත්තේ දී  සිදු කිරිමට නියමිතය. බදාදා (19) බොරැල්ල ජයරත්න මල් ශාලාවේ  මහජන ගෞරව සඳහා තැන්පත් කැරේ.