IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඝාතන කුමන්ත්‍රණයක් ගැන ඉන්දියානු ජාතිකයා කියා නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ඉන්දියානු ජාතිකයකු පැවසීයැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම්දුන් බවට ජනමාධ්‍ය ආයතන කීපයක් මගින් විශාල ප්‍රසිද්ධියක් දෙමින් පළකර තිබූ ප්‍රවෘත්තිය කිසිදු පදනමක් නොමැති මුළුමනින්ම අසත්‍ය එකකැයි මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

රහස් පොලිසිය කිසිදු අවස්ථාවකදී වාචිකව හෝ ලිඛිතව හෝ අධිකරණයට එවැනි දැනුම්දීමක් කර නැතැයි ඇමැතිවරයා සඳහන් කරයි. අධිකරණ කටයුතු වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට නිදහස ඇතත් මූලාශ්‍ර දැක්වීමකින් හෝ තහවුරු කිරීමකින් තොරව කලබලවලට හේතුවිය හැකි ආකාරයේ වාර්තා ප්‍රසිද්ධ කිරීම සමාව දිය නොහැකි වරදකැයි ඇමැතිවරයාගේ නිවේදනයේ සඳහන් වෙයි. 

රහස් පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන මාසෙල් තෝමස් නමැති ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්ත ක්‍රියාවක් සිදු කිරීමට යෑමේ සැලැස්මක් පිළිබඳව බලධාරීන්ට නොදැන්වීමෙන් ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බවද ඇමැතිවරයා කියා සිටී. 

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ යන තිදෙනා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බවට නැගී ඇති බරපතළ චෝදනාව සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යන බවද මෙම චෝදනාවට එකම පදනම වී ඇත්තේ ඒ.එච්. නාමල් කුමාර නමැත්තා කර ඇති ප්‍රකාශයක් බවද ඇමැතිවරයා සඳහන් කරයි. 

එවැනි කුමන්ත්‍රණයක් පැවැති බවක් පෙන්නුම් කෙරෙන කිසිදු සාක්කියක් රහස් පොලිසිය මෙතෙක්  සොයාගෙන නැතැයි කියන ඇමැතිවරයා මෙම බරපතළ චෝදනාව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම රහස් පොලිසිය සෑම පියවරක්ම ගත යුතු බවද කියා සිටී.



අදහස් (2)

ඝාතන කුමන්ත්‍රණයක් ගැන ඉන්දියානු ජාතිකයා කියා නෑ

Bamunuarachchi Friday, 28 September 2018 08:24 AM

මෙයා පරීක්ෂණවලට සහයෝගය දෙන්නේ නැහැ.. මෙයාගේ මත ප්‍රකාශ කරනවා. ඔහේගේ මතට තිත තියාගන්න.

:       34       55

Priya Friday, 28 September 2018 09:50 AM

එහෙනම් මංගල මහත්තයෝ ඇයි එයාව අත්අඩංගුවට ගත්තේ? ඔහු එහෙම දෙයක් කියා නැත්නම් ඔහු රාජ්‍ය ආරක්ෂාවට අභියෝගයක් නැත්නම් නිදහස් කරන්න. පිස්සුද ඔහෙලට?

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site