(ඩි.ජී.සුගතපාල)
රුපියල් විසි ලක්ෂයක කොන්ත්‍රාත්තුවකට උණවටුන ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරිම සඳහා සැළසුම් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරසිටි සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාරිය තව දුරටත් 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (10) නියෝග කළාය.
සැකකරු රුපියල් 20,000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින්වු ශරිර ඇප දෙකක් මත මුදා හැරියේය.
එයට අමතරව ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා ලබා ගන්නා ලද රුපියල් විසි ලක්ෂය කිසිවෙකුටත් මුදා නොහැර රඳවා තබා ගන්නා ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරිය හික්කඩුව බංකුවට නියෝගයක් නිකුත් කළාය. මෙසේ තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ අම්බලන්ගොඩ කුලිගොඩ පදිංචි දිසෙන්තුවා හන්දි දිලානි මංජුලා කුමාරිද සිල්වා නමැති ප්‍රාදේශිය සභා මහජන සම්බන්ධතා නිලධාරිණියකි.
ඇපමත මුදා හරිනු ලැබුවේ ගෝනාපිනුවල බේරතුඩුව පදිංචි සොබනා හන්දි ලිලාරත්න නමැති විශ්‍රාමික හමුදා සෙබලෙකි.
ඝාතනය කිරිමට නියමිත කාන්තාව සොයාගිය සැකකරු ඇය මැරිමට තමාට කොන්ත්‍රාත්ත්‍රවක් ලැබි ඇති බවත් එහෙත් තමා එයට විරුද්ධ බවත් පවසා ඇති අතර .පසුව ඇය විසින් සිද්ධිය ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැන්වා ඇත. පසුව නියෝජ්‍ය පොලිස්පති වරයා ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශණ අංශයට පරික්ෂණ බාරදි ඇත.
ඒ අනුව සැකකාරිය හා සැකකරු අත් අඩංගුවට ගෙන සිදු කරන ලද .පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ විදේශගතව සිටින ව්‍යාපාරික කාන්තාවගේ සැමියා විසින් බිරිඳ ඝාතනය කිරිමේ කොන්ත්‍රාත්තුව සැකකාරියට ලබා දි ඇති බවයි. පොලිසිය විසින් සූක්ෂම ලෙස කරන ලද විමර්ශනයකින් පසු ඝාතනය කිරිමට නියමිතව තිබු කාන්තාව කාමරයක බැඳ දමා කොන්ත්‍රාත්තුව ලබාගත් කාන්තාව මගින් ඒ බව විඩියෝ ඇමතුමක් හරහා ස්විට්සර්ලන්තයේ සිටින සැමියාට පෙන්වු අවස්ථාවේ වහාම සැකකාරියගේ ගිණුමට රුපියල් ලක්ෂ විස්සක් බැරකර ඝාතනය කළ පසු තවත් ලක්ෂ දහයක් දෙන බවද පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 04
688
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඝාතන කොන්ත්‍රාත්තුවේ සැකකාරිය රිමාන්ඩ්: සැකකරුට ඇප