රන්න චන්ද්‍රසේන ගමගේ
 
ඉකුත් (26) වැනි දින අම්පාර බලා ධාවනය වූ බස් රථය තුළදි පුද්ගලයෙකුට වෙඩි තබා පලා යාම සඳහා ඝාතකයන් යොදා ගත් මෝටර් රථය අද (28)  තංගල්ල කොට්ඨාශයේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි.

 
පොලීසියට ලද තොරතුරකට අනුව මෝටර් රථය අත් අඩංගුවට  ගෙන තිබෙන්නේ ඇහැලියගොඩ ප්‍රදේශයේදීය. 
 
ඝාතකයන් ඔවුන් ගේ හිතවතෙකු මාර්ගයෙන් මෝටර් රථය ඇහැලියගොඩ ප්‍රදේශයේ රථවාහන ලබා දෙන ආයතනයකින් කුලි පදනම මත ලබා ගෙන ඇති අතර එම මෝටර් රථය සමඟ මෝටර් රථය ලබා ගත් තැනැත්තාත් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.
 
ඝාතනය සඳහා සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන ඇති බව පවසන පොලීසිය ඔවුන්ද හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවද පැවසීය.