IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ගිං - නිල්වලා ව්‍යාපෘතියෙන් ගාල්ලටත් වතුර

විනීතා එම් ගමගේ

 

හම්බන්තොටට ජලය සැපයෙන ව්‍යාපෘතියක් වන ගිං නිල්වලා ව්‍යාපෘතිය ගාල්ලටත් ජලය ලබාදෙන ව්‍යාපෘතියක් බවට පත් වන පරිදි සංශෝධනය කිරීමට කටයුතු යොදමින් සිටින බව ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

මේ සම්බන්ධව අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූ බවත් එම සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ව්‍යාපෘතිය සංශෝධනය කිරීම සඳහා වන කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරියේ දී ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා කීය.

2009 වසරේ ආරම්භ වූ එම ව්‍යාපෘතිය පිළිබඳව පසුගිය කාලයේ දේශපාලන වේදිකාවේ කථා බහට ලක්වූ බවත් 2015 ජනවාරි මාසයේ ඡන්දය තියෙද්දී ජනවාරි 7 වැනිදා කොහොමද මේ ව්‍යාපෘතියට බිලියන 4ක් නිකුත් කළේ කියන ප‍්‍රශ්නය යහපාලන පාර්ශවයෙන් ප‍්‍රශ්න කළ බවත් හෙතෙම කියා සිටියේය. 

එෆ් සී අයි ඩී එකෙන් ජනාධිපති විමර්ශන කොමිසමෙන් පවා මේ ගැන ප‍්‍රශ්න කලේ යැයි කී ඒ මහතා  දැන් දැන් යළිත් වරක් තම අමාත්‍යංශ්‍යට මෙම විෂය  භාර වී ඇති බවත් සඳහන් කළේය.

ව්‍යාපෘතිය පිළිබඳ ගාල්ලේ දේශපාලඥයෝ විරුද්ධ වූ බවත් ගාල්ලේ වතුර ටික හම්බන්තොටට දෙන්නට බැරි බව ඔවුන් පැවසීමෙන් පසු මෙසේ යළි මෙම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා ඇරඹූ බවත් දිසානායක මහතා සඳහන් කළේය.

ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අද (19) පැවැති මාධ්‍ය හමුවක් ඇමතූ දුමින්ද දිසානායක අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘මේ නිසා අපි අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් ආරම්භ කළා. කොහොමද මේක කි‍්‍රයාත්මක කරන්නේ කියා අපි සාකච්ඡා කළා. මේක අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස තීරණයළා. මේ අනුව අපි මේ දැනට ඇති යෝජනාව නැවත වතාවක් සංශෝධනය කරන්න. එහි දී ගාල්ලේ ජලාශ දෙකක් ඉදිකර එකක ජලය හම්බන්තොටට ගෙන යන්න අපි තීරණය කලා.

මම හිතන්නේ මේ  ගැන තව දුරටත් සැක තිබෙනවා නම් පරික්ෂණ පවත්වන එක හොඳයි. අමාත්‍යංශයක් ලෙස අපි කැමතියි මේ  ගැන පරික්ෂණයක් කරනවා නම්. කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ගාල්ලටත් ජලය ලැබෙන පරිදි ව්‍යාපෘති යෝජනාව සංශෝධනය කරනවා පමණයි. තවම  සතයක් වත් නිකුත් කළේ නැහැ. 2015 ජනවාරි 7 ලබා දී ඇති මුදල පමණයි.’’

 



අදහස් (5)

ගිං - නිල්වලා ව්‍යාපෘතියෙන් ගාල්ලටත් වතුර

ajith Wednesday, 19 September 2018 10:48 AM

ගාල්ලට වැව් මොකටද? ගාල්ලේ තියෙන්නේ ගංවතුර ප්‍රශ්නේ..

:       0       34

ranga Wednesday, 19 September 2018 11:26 AM

ගාල්ලටත් වතුර, සාක්කුවටත් සල්ලි... බොරුද මන් කියන්නේ?

:       0       32

Cisco Wednesday, 19 September 2018 11:29 AM

ජනාධිපතිතුමා පහුගිය දවස්වල කිව්වේ මේ‍ ව්‍යාපෘතියේ පරක්කුව ගැන නේද? කැබිනට් පත්‍රිකා දාන්න පරක්කු හේතුවත් කිව්වද මන්දා?

:       0       45

naspuk Wednesday, 19 September 2018 12:38 PM

චීනයේ කවුද පගාවක් ඉල්ලුවා කියලා ලොක්කට පැමිණිලි කලේ මේ‍ ව්‍යාපෘතියේ කටයුතුවලට නේද? ගිං ගඟ මුහුදට වැටෙන්නෙත් ගාල්ලෙන්නේ... වතුර ඕනේතරම් තියනවනේ... අනේ මන්ද? හම්බන්තොටට නම් වතුර නැහැ.

:       0       24

rocky Wednesday, 19 September 2018 02:42 PM

ඕක කොහොමද කෙරෙන්නේ? චීනා කියනවනේ දකුණු පළාතේ ඇමති කාක්කෝ මහා හෙන කොමිස් කුට්ටියක් ඉල්ලනවා කියල? අම්මපා බඩවල් කපන්න එපායැ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site