(චන්දන ප්‍රනාන්දු හා රවීන්ද්‍ර ලියනගේ)
ඉකුත් 22 වැනි දා සවස ලුණුවිල පාලමෙන් ගිංඔයට පැන අතුරුදන්ව තිබු පාසල් සිසුවාගේ මළ සිරුර කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි කොළඹ හලාවත මාර්ගයේ නයිනමඩම ගිංඔය මහා පාලම අසල රැඳී තිබියදී අද (24) සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අතුරුදන් වී සිටියේ ලුණුවිල පීරිස් වත්තේ පදිංචි රතුගමගේ මධුෂ ලක්ෂාන් නැමති 17 හැවිරිදි පාසල් සිසුවෙකි.
ඉකුත් 22 වැනි දා සවස 4 ට පමණ ලුණුවිල පාලමෙන් මෙම සිසුවා අසල සිටි කුඩා ලමුන් දෙදෙනෙකුට ඔහුගේ ජංගම දුරකතනය දී මම ගඟට පනිනවා බව පවසමින් ජලයට පැන ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd