(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ නම් ඒ සදහා අත්සන් තැබිය යුතු ගිවිසුම්වල කෙටුම්පත් එම පක්‍ෂය වෙත යොමුකළ බවත් ඒ සදහා ඔවුන්ගෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.
මෙම කෙටුම්පත් පොදුජන පෙරමුණේ ලේකම්වරයා හා එහි අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඊයේ (1) පස්වරුවේ යොමුකළ බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.
සන්ධාන ව්‍යවස්ථාවට අදාළව එකගවිය යුතු කරුණු, පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා සමග අත්සන් කරන ගිවිසුමට ඇතුළත් විය කරුණු මෙම කෙටුම්පත්වල ඇතුළත්ව ඇතැයිද මන්ත‍්‍රීවරයා කීවේය.
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
දෙපාර්ශවය අතර දැනට පැනනැගී ඇති ප‍්‍රධානම ගැටලූව ඉදිරිපත් වන ලකුණ බව කී මන්ත‍්‍රීවරයා එය ඉක්මනින් විසදාගැනීමට හැකිවේයැයි විශ්වාස කරන බව ද ප‍්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්‍ෂ මහතා සුබවාදී ප‍්‍රතිචාරයක් දක්වා ඇතැයි කී දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවසන් තීන්දුව වෙනුවෙන් රැස්වන ලබන 5 වැනිදාට පෙර ඔවුන්ගෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මොන ලකුණකින් හරි ගෝඨාව දිනවපල්ලා. මහා ඡන්දෙදි ඕනෙම ලකුණකින් ඇවිල්ලා දිනලා පාර්ලිමන්ට් එකට යමල්ලා...
ශ්‍රීලනිපය පොදුපෙරමුණ සමග සන්ධානගත වුවහොත් එය ශ්‍රීලනිපයේ අවසාන ඇණයක් වෙනවා පමණක් නොව සහ එය දියවී යාමද වැළැක්විය නොහැකියි.