(ජුඩ් සමන්ත)
පාසල් සිසුවියකට ගවුමේ වාටිය ලිහා දමන ලෙස අවවාද කළ විනයභාර ගුරුවරියකට එම පාසල තුළට පැමිණ බැන වැදී තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.
මදුරන්කුලිය-කිව්ලකැලේ මහා විද්‍යාලයේ සේවය කරන ආර්.එම්.පී.රත්නායක මහත්මිය මේ සම්බන්ධයෙන් පුත්තලම පොලීසියට පැමිණිළි කර ඇත.
11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් නියමිත නිර්මිතයන්ට නොගැලපෙන ආකාරයේ නිල ඇඳුමකින් සැරසී පාසලට පැමිණ ඇත. පාසලේ විනයභාර ආචාරවරිය ඇයට අවවාද කර පසුදින පාසලට පැමිණෙන විට ගවුමේ වාටිය ලිහා දමාගෙන පැමිණෙන ලෙස පවසා ඇත.
එම සිසුවිය මේ බව දුරකථනයෙන් තම පියාට දන්වා ඇති බවත් ඉන් කුපිත වී ඇති දැරිවියගේ පියා එම අවස්ථාවේදීම පාසලට පැමිණෙන තිබේ. ඒ වන විට පාසලේ සතියේ උදෑසන රැස්වීම පැවැත්වෙමින් තිබී ඇත. එම රැස්වීම අමතමින් සිට ඇත්තේද සිද්ධියට මුහුණ දී ඇති විනයභාර පාසල් ගුරුවරියයි.
සිසුවියන්ගේ පියා බව කියන අය සෙසු සිසු සිසුවියන් සහ ගුරු මණ්ඩලය ඉදිරියේ විනයභාර ගුරුවරියට තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැන වැදී ඇත.
පසුව විනයභාර ගුරුවරිය මේ බව විදුහල්පතිවරයාට සහ පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට දැනුම් දීමෙන් පසු පුත්තලම පොලීසියට ගොස් පැමිණිල්ලක් කර ඇත.
පොලිස් කණ්ඩායමක් අදාල පාසලට පැමිණ සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරියගෙන් සහ එම අවස්ථාවේ පාසලේ සිටි සෙසු ගුරුවරුන්ගෙන්ද, සිසු සිසුවියන්ගෙන්ද ප්‍රකාශ ලබා ගෙන ඇත.
පාසලට කඩා වැදී ගුරුවරියට තර්ජනය කළ අය පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකුගේ බෑනා කෙනෙකු බවද දැන ගැනීමට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පළාත්සභා ඉල්ලන්න සුදුසුකම් වැඩි කරගන්න කෙනෙක් වගෙයි.
ලොකු බෞද්ධ රටක්ලු............
අද ළමයින්ගේ පිරිහීමට ගුරුවරු වඟ කිවයුතුයි. විනයභාර විදියට ඉන්න සමහර ගුරුවරු තමුන්ට ඕන ඕන ප්‍රමිතීන් නියම කරනවා. සමහර ප්‍රමිතීන් ගත්තම කිසිත්ම වටිනාකමක් නැහැ. අනිත් කාරණය දැන් ඉන්න බලෙන් පොෂ් වුන ගුරුවරු ගම්වල පාසල්වලට ගිහින් උගන්වනකොට හැසිරෙන්නේ හරියට එයාලගේ මුදලින් ළමයින් ඉගෙන ගන්නවා වගේ. සේරටම කලින් ගුරුවරුන්ව හැඩගැස්වන්න සිදුවෙලා තියෙනවා.
නිදහස් පක්ෂයේ ආසන සංවිධායක කමකට දැන් සුදුසුයි......
ඇමති තුමා කොට් එක දාගෙන සිටීම very good. නමුත් පාසල් වල තත්වය? ඉගෙනිමද?1. සාරි පොට 2.මවට HIV නිසා දරුවා පාසලෙන් එළවීම 3. වමනයට දරුවා පාසලෙන් එළවීම 4. වෙනත් ළමයකු ෆෝනයක් බැගයට දමා ෆෝන් හොරා කීමෙන් ගෙල සිර කර ගැනීම 5. ගවුම් වාටි 6..... පාසල් වල ඉගැනීම වෙනුවට 1. ගුරු දිනය 2. විදුහල්පති දිනය 3.ලමා දිනය.
මේ දේශපාලනය විසින් රට දවසින් දවස විනාශ මුඛයට ගෙනයනවා. ආර්ථික, අාධ්‍යාත්මික සහ සමාජීය කියන හැම පැත්තෙන්ම රට විනාශ වෙනවා නම් කොනක හරි නරකම දේශපාලකයෙක් ගෑවිලා ඉන්නවා. මේකට මේ අයව බලයට පත්කරන අපි හැමෝම වගකිව යුතුයි. ඉස්සර නම් ගැහැණු ළමයෙක් කොටට ඇඳන් අාවොත් පත්තර පිටුවක් ඉරලා වාටියට මූට්ටු කරනවා. පහු වෙනිදට අම්මාව එක්කන් එන්න ඕනා. අම්මා කොයිතරම් උගතෙක්, ජගතෙක් වුණත් තමන්ගේ දරුවාට උගන්වන ගුරුතුමීට කතාකරන්නේ "එහෙයි" කියලා. එහෙමයි සාරධර්ම ගුණධර්ම වගාවුනේ. ඒකට දැන් ඉන්න අම්මලා තාත්තලා දුවලා පුතාලා ඔක්කොම එකයි. සිහින ආර්ථිකය තුල මිනිස්සුන්ව අතරමං කිරීම මගින් සමාජය ලබාගත්ත එකම දේ මේ සමාජ පරිහානියම විතරමයි.
රංග ස්කොලේ ගිහින් නැත්ද?එතකොට මේ වගේ දෙයක් කරන්නේ කොහොමද? දැකලා ඇස් කට පියාගෙන ඉන්නනම් විනය භාර ගුරුවරු ඕනේ නෑ. රොමේෂ් කියන දේ තමයි වෙලා තියෙන්නේ. තමන්ගේ වැරැද්ද පෙන්නනවට කැමති නෑ .
දැන් කාලේ ළමයි බය නැතුව ජංගම දුරකථනයත් අරං එනවා ඉස්කෝලෙට, ඒ හින්දා දැන් ගුරුවරයෙක් දඬුවමක් දුන්න ගමන් අම්මට තාත්තට කියන්න පුලුවන්. මේකට එරෙහිව දැඩිව ක්‍රියා කරන්න ඕනෑ...
මේ වගේ තුච්ඡ දේශපාලකයන්ට සහ ඔවුන් සහය දක්වන පක්ෂවලට ඡන්දය දීමෙන් වැලකි සිටින එක තමා හොඳම දේ. මේ අය ඡන්දය දින්නොත් මුළු රටේම අගතියට මිසක් සුගතියට කරන වැඩක් නැහැ. සියලුම පක්ෂ නායකයිනි, මේ කියන ගහලයා ඔබගේ පක්ෂයේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු සබඳකම් අතහරින්න. කලයුතු හොඳම කාරිය නම් පළාතේ ඉන්න සියළුම දෙමව්පියෝ තමන්ගේ දූදරුවන් ගැන හිතලා මොහු සමග ආශ්‍රය අත හැර කොන්කරන එකයි. සමාජ දඬුවම නීතියේ දඬුවමට වඩා ලොකුයි. සදහටම මතක තියෙයි.
මීට කලින් ගවුමේ වැටිය ලිහන්න කිව්වා කියලා ගුරු තුමියව දණගස්සපු මන්ත්‍රීතුමා අද පිළිගත් ආසන සංවිධායක හැටියට තනතුරු ලබා තිබෙන කාලේ එහෙම තවත් සිද්ධියකට තර්ජනය කරපු එකක්... එච්චර ගණන් ගන්න දෙයක් නැහැනේ? වැටත්, නියරත් ගොයම් කෑවානම් කාට පවසම් මේ අමාරුව කියලා හිතලා හූල්ලනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?
මෙතන ගුරුවරුනුත් එකයි. දෙමවුපියනුත් එකයි. දෙපැත්තම මෝඩ විදිය හැසිරිලා තියෙන්නේ. මම කණගාටු වෙන්නේ මේ ළමයා ගැනයි.
"මෙතන ගුරුවරුනුත් එකයි." මොකක්ද ඒ කතාවේ තේරුම ? මට පෙනෙන්නේ අර ගුරුවරියට දොස් කියපු එකයි මේහෙම ලියන අයයි අතර වෙනසක් නැති බවයි. 1959 මම සීනියර් පන්තියේ ඉන්න කාලේ පාට ෂර්ට් එකක් පන්තියට ඇඳන් සිටි බව දුටු භෞතික විද්‍යාව උගවන්න පැමිණි ප්‍රින්සිපල්. ඉසේල්ලාම කලේ මාව නැගිට්ටවල ඇසුවා ගෙදර කොහෙද කියලා මම කීව පාසලේ සිට සැතපුම් බාගයක් කියලා. දුවල ගෙදර ගිහිල්ල සුදු ෂර්ට් එකක් ඇඳගෙන එන්න කීව්. ගිය ගමන් අම්ම කීවේ හොඳ වැඩේ සවස තාත්ගෙන් ඉතුරු බැනුම් ටික අහගන්න් වෙයි කියලා. අපේ දෙමව්පියෝ අපි වගේම අපේ ගුරුවරුන්ට ගරු කළා. ඒත් දැන් ඉන්න එවුන්?