(සීදුව විශේෂ ප්‍රසාද් මුතුකුඩ)
කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව යාමට තිබු ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් ගුවන්යානා කීපයක් (25) දින රාත්‍රිෙය් සහ අද උදැසන නියමිත වේලාවට පිටත් නොවිම හේතුවෙන් ගුවන් මගීහු පිරිසක් පැය 08 ක අධික කාලයක් අපහසුවට ලක්ව ඇතැයි එහි බළධාරියෙකු ලංකාදීපයට පැවසුවේය.
ඒකී ගුවන්යානා වල හට ගත් කාර්මික දෝෂ කීපයක් හේතුවෙන් ගුවන්යානා නියමිත වේලාවට ධාවනය නොවී ඇත.
මෙම ප්‍රමාදයත් සමඟ ගුවන් මගීන් සහ බලධාරින් අතර නොසන්සුන් තාවයක්ද හට ගෙන ඇත.
ප්‍රමාද වූ ගුවන් යානා අතර යුඑල් 119 ගේන් අයිලන්ඩ්,යුඑල් 121 චෙන්නායි , යුඑල් 109 මාලේ, යුඑල් 165 කෝචින්,161 ත්‍රිවින්දම්, යුඑල් 219 දොහා, යුඑල් 183 කරච්වි, යුඑල් 866 ෂැංහායි, යුඑල් 127 චෙන්නායි ගුවන්යානා වේ.


-
COMMENTS
ඔක්කොම යූ.එල් යානා එකවර කාර්මික දෝෂ හටගෙන ගුවන් යානා වෛරස් එකක්වත් ඇවිල්ලද කටුනායකට?
සියලුම ශ්‍රී ලංකා ගුවන් යානාවලට බෝවන රෝගයක්ද? එම ගමනාන්තවලින් තවත් ගමනාන්තයකට යන්නට හිටි අයට රාවණා පිහිටයි.
"යූ එල්" කියන්නේ "යූෂුවලි ලේට්" කියන එක තමයි.
තියෙන ඔක්කොම ගුවන් යානාවල කාර්මික දෝෂ එකවරම එන්න තරම් පරණ ගුවන් යානාද අපි ළඟ තියෙන්නේ? නැතිනම් අර ඊයේ, පෙරේදා ඇමැතිවරු රටින් පිටවුණේ, එයාලගේ ගමන් වලට ගුවන් යානා පාවිච්චි කල හින්දා, තියෙන යානා ගණන මදි වෙලා එහෙම නෙවෙයිනේ...
ඔන්න එහෙනම් දැන් ජනතාවම කියයි "ශ්‍රී ලන්කන් ප්‍රතිව්‍යුහගත කරමු කියලා". කොහොමද ආණ්ඩුවේ ටිකිරි මොලේ?
A320Neo අලුත් ගුවන් යානාවල එන්ජිම දෝෂ සහිතයි කියලා එයාර් බස් සමාගම දැනගෙන තියෙන්නේ පස්සේ...
මේ ගුවන් සමාගම හරි හැටියකට කලමනාකරණය කරගන්න බැරිනම් කරන්න පුළුවන් සමාගමකට පාලනය භාරදීමට හෝ විකුණා දමන්නට කාලය පැමිණ ඇත. තවදුරටත් ජනතා මුදල් නාස්ති කරමින් පැලැස්තර අලවමින් කල් මැරීම ජාතික අපරාධයකි. වැරදිලාවත් දුර්වල කලමනාකරණය හේතුවෙන් මෙම යානයක් අනතුරට පත්වුණොත් සිදුවන ජීවිත සහ මුදල් විනාශය ඉතා ඉහළය. මෙවැනි ප්‍රමාදයන් නිසා ගුවන් සමාගමට සිදුවන පාඩුව ඉතා ඉහළයි.
යානාවල් විතරක් නෙවෙයි, කාර්ය මණ්ඩල තත්වයත් ගුණාත්මක භාවයෙන් පහළයි. ගුවන් සේවිකාවන් යානාවටත් මීටර් සියයක් උඩින් තමයි පියාඹන්නේ. පාරිභෝගික සේවාව අන්තිමයි. අපිට ආරංචියි ලඟදි ආරම්බ වුණු මෙල්බර්න් කොළඹ සේවාව වුණත් පහසුකම් අවමයි කියලා. අපේ යාලුවෙකුගේ පුතෙක් ඒ ගමන ගිහින් කකුල් වලට පත්තු බඳින්න වෙලා. කකුල තියෙන තැනයි, ඉස්සරහ ආසනයයි අතර යන්තම් පොඩි ඉඩක්ලු. පැය 10ක ගුවන් ගමනක් එක දිගට යනකොට හොඳ ගණන්...
මේක සේවක ගැටළුවක් නිසා මතු උන ප්‍රශ්නයක් වෙන්න ඕනි
ඇයි අනේ දැන් පුදුම සමාන නේද හම්බ වුණේ පසුගියදා ශ්‍රී ලංකන් එකට ලෝකෙන්ම. එ්ත් මෙන්න මේ තමයි ඇත්ත තත්වේ. අර රුචි කියනවාවගේ "යූෂුවලි ලේට්"