IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගංවතුරට මැදි වූ ගොවීන් 34 දෙනකු මුදා ගැනේ

( රොමේෂ් මධුෂංඛ)
 
මුලතිව් , එරින්තකාඩු ප්‍රදේශයේ ගොවිතැන් සඳහා කුඹුරට ගිය ගොවීන් 34 දෙනෙකු හදිසියේ ඇති වූ ගංවතුරක්  හේතුවෙන් කුඹුරු ඇති ප්‍රදේශයන්හි සිර වී සිටියදී අසල්වැසි ධීවර ගම්මානයන්හි  ධීවරයින්  පිරිසක් විසින්   බේරාගෙන  තිබේ.
 
එරින්තකාඩු හා සාලම්බෙයිආරු ප්‍රදේශයන්හි පිහිටි කුඹුරු සඳහා ගිය ගොවීන්  පිරිසක්   එම ප්‍රදේශයේ  වැව් කිහිපයක් වාන් දැමීමත් සමඟ කුඹුරු යට වීමෙන්   එහි සිරවී ඇත. අනතුරුව  ගම්මාන කිහිපයක ධීවරයින්ට දැනුම් දීමෙන් පසුව ධීවර බෝට්ටුවලින් කුඹුරු වෙත ගොස් විපතට පත් ගොවීන් පිරිස බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙනවිත් තිබේ.
 
පසුගිය දිනයන්හි ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් මුලතිව් දිස්ත්‍රීක්කයේ වැසියන් තිස්දහසකට අධික ප්‍රමාණයක් විපතට පත් වූ අතර නැවතත් වර්ෂාව ඇදහැලීමෙන් සාමාන්‍ය වැසියන් විපතට පත්වීමේ අවදානමක් පවතින බවටද මුලතිව් ආපදාකලමනාකරන කාර්යාලය  සඳහන් කරයි.



අදහස් (0)

ගංවතුරට මැදි වූ ගොවීන් 34 දෙනකු මුදා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site