ඩබ්ලිව්.ඒ. අසේල
පසුගිය 28 වැනි දා සිට වසා දමා ඇති ගලහ රෝහල යළි විවෘත කරන්නැයි බල කමින් ගලහ නගරයේ දී ප්‍රදේශවාසීහු අද (16) උද්ඝෝෂණයක් ඇරඹුහ.
ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ වයස අවරුදු එකහමාරක බිළිදෙකු මිය යාම නිසා කුපිත වූ දෙල්තොටවත්ත ප්‍රදේශයේ ජනයා ගලහ රෝහලට පහරදී අලාභ හානි සිදුකළ අතර ව්‍යෛද්‍යවරුන්ටද පහරදීමට උත්සහ ගත් නිසා මෙම රෝහල දින නියමයක් නොමැතිව වසා දමනු ලැබීය.
ගලහ ජනතාවට හදිසි රෝගි අවස්ථාවකට ප්‍රතිකාරයක් ගැනීමට යාමට ඇති එකම රෝහල මෙය වන අතර දෙල්තොට හෝ පේරාදෙණිය රෝහල් වෙත විශාල දුරබැහරක් ගෙවා යා යුතුවේ.
මෙම රෝහල ඉක්මණින්ම විවෘත කරන දෙන ලෙස උද්ඝෝෂකයෝ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.


COMMENTS
වැරැද්ද කොතැනද කියලා සොයා බලා ප්‍රතිකාර කල යුතුයි. නමුත් රෝහල විවෘත කරන්න බලධාරීන් ක්‍රියාත්මක විය යුතුයි. මතක තබා ගන්න හැම දෙකටම සිටින්නේ මිනිසුන් සීමිත ප්‍රමාණයක් පමණි. මෙය කලහකාරී ලෙස කලබල කල හා උද්ඝෝෂණය කල පිරිසටද අදාළයි.
රෝහලට ගල් ගහල හානි කරන්න කලින් හිතන්න තිබුනේ ඔය ගැන.වැරද්දක උනානම් ඒ ගැන හොයල බලල නීතිය ක්‍රියාත්මක කරන්න බල කරන්නේ නැතුව ගල් ගහල කුඩු පට්ටම් කලාම හරිද?
රෝහලේ කාර්ය මණ්ඩලයට පහර දුන් අයගේ ගෙවල් ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න,
අනේ මන්දා - මේ දොස්තරලා මිනිස්සුද?
දොස්තරලා කරපු වැඩේ වැරදි වෙන්න පුළුවන්....... නමුත් දැන් වෙන දොස්තරලා ඔතනට පණට බයක් නැතුව ඒවිද?
දැන්වත් දැනගන්න , මැර බලයෙන් රජයේ වැඩ කර ගන්න බෑ කියලා. චණ්ඩි නොන්ඩි වෙලා ඉන්නෙ. ගිහින් සමාව ගන්න ඉස්පිරිතාලෙ ලොකු මහත්තයගෙන්. ගල් යුගයෙන් ඒලියට එන්න කාලෙ හරි.
ඇයි ඔය අහක යන නයි අාපහු වද්දගන්න දඟලන්නේ?
උද්ඝෝෂණ? ඔය දේශපාලුවන්ගේ හාල්පාරු ක්‍රමය. බොහොම ලෙහෙසි වැඩක්. කුඩුපට්ටම් කරන්න මුලික වෙච්ච අයයි උදවු වෙච්ච අයයි උල්පන්දම් දුන්නු අයයි එක්කහු වෙලා මධ්‍යම පළාත් සෞඛ්‍ය කට්ටියට දුක කියලා උපදෙස් අරගෙන තමන්ගේ වියදමින් රෝහල අලුත් වැඩියා කරන්න. ඉස්සර තිබුණාට වැඩිය හොඳට පරිසරය හේම සකස්කරලා කචල් කාරයෝ ටිකම එක්කහුවෙලා රෝහල් සංවර්ධන සමිතියක් හදාගන්න. වැඩේ කරගෙන යනකොට සෞඛ්‍ය පුටු ටික රත්වෙයි. රෝහල නැවත විවෘත වෙයි. සාමය සහ සහජීවන රෝහල කියලා කැමතිනම් රෝහලට නමකුත් දමාගන්න.
දොස්තරලගේ වැරදීම්වලින් ජීවිත අහිමි වූ ළදරුවාගේ පවුලට මාෆියා දොස්තර සංගමය ලබා දෙන සහනය කුමක්ද? සාමාන්‍ය රෝගීන් පීඩාවට පත්කරලා ඔය සංගමයට ලැබෙන වාසි මොනවද? සියලු දේවල් දේශපාලන වාසිවලට කරන දේවල් පමණි.
මේ ප්‍රදේශයේ ජීවත්වන ආගමික පූජකතුමන්ලා, ඇතුළු සමාජ සුභ සාධන කටයුතු කරන අයට ඉතාමත් ඉහළ අගයකින් යුත් අවස්ථාවක් උදාවී ඇත.
සමහරක් මිනිසුන් අදහස් පල කරන්නේ හිතක්, පපුවක් නැති විදියටයි. රෝහල් කාර්යමණ්ඩලයේ සහ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත තමන්ගේ දෑස ඉදිරිපිටම තම දරුවා වේදනාවෙන් සදහටම දෑස් පියාගන්නවා. ඒ දෙමව්පියන් කොච්චර අසරණ වෙන්න ඇතිද ඒ වෙලාවේ? තමන්ට දරුවෙක් නැත්නම් අඩුම තරමින් හිතන්න පුරුදුවෙන්න මේ සමාජ අසාධාරණය තමන්ගේ මවට සිදුවී ඇය ඔබගේ උකුලේ සදහටම දෑස් පියාගත්තා නම් ඔබ කෙසේ හැසිරේවිද කියා...? දන්නවාද ඔබලා “හිතුමතේ ජීවිතේ” යන නාමයෙන් හඳුන්වන තම නැගණියට අසීමිතව සෙනෙහස දැක්වූ දයාබර සොහොයුරෙක් ගැන... ආඩම්බර විය යුතුයි, අප මේ දරුවාගේ පියා එවැන්නෙකු වී වගකිව යුත්තන්ගෙන් පළි නොගැනීම ගැන...
එම මියගිය දරුවාට සහ එම දෙමාපියන්ට සමාජ අසාධාරණයක් වී ඇත. දැන්වත් ඇමතිතුමා නින්දෙන් අවදිවිය යුතුව ඇත. අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා, ජීවිතයක වටිනාකම හෝ තම රාජකාරියේ වගකීම හරිහැටි නොදන්නා එම මහජන මුදලින් යැපෙන එම නොසැලිකිලිමත් රාජ්‍ය සේවකයින් සේවයෙන් පහකර දැමීම සිදුකළ යුතු අතර රෝහලද වගකීම් සහිත කරුණාවන්ත සේවක පිරිසක් යොදා මහජන සේවය නොකඩවා පවත්වාගත යුතුයි.
රෝහලේ චූදිත රෝහලේ රාජ්‍ය සේවකයින් ගැන පරීක්ෂණය පැවැත්විය යුතුය. එතෙක් ඔවුන්ට මහජන මුදලින් වැටුප් ගෙවන්නේ නම් ඔවුන්ව වෙනත් රෝහලකට අනියුක්ත කර හෝ සේවය ලබාගත යුතුව ඇත. ඒ අතරතුර වෙනත් සේවක මණ්ඩලයක් යොදා රෝහල විවෘතකර මහජනයාට සේවය ලබාදීම අදාළ ඇමතිතුමාගේ සහ රජයේ වගකීමයි.
ඉස්සෙල්ලම ඔය ප්‍රශ්නය ඇදගෙන විකාර කරපු ආයතන ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණය කරන්න. වැඩේ කුරවල් වූ පසු ඔබ වෙනුවෙන් ඔවුන් නැත...
හා හා... ඔබට සතුටුයිද දැන්..?
උද්ඝෝෂණය කරලා විතරක් නම් මදිවෙයි. බුද්ධිමත් ගම්වැසියනි, ගලක් දෙකක් දමලා ගහන්න ආයෙපාරක්...
මේකෙන් පෙනෙන්නේ බලය තිබෙන්නේ දොස්තරලා අතේ මිස සාමාන්‍ය මිනිසුන් (ලෙඩුන්) අතේ නොවෙන බවයි.
1.සෞඛ්‍ය අමාත්‍යාංශය පරික්ෂණ වාර්තාව නිකුත් කළ යුතුය... 2. රෝහලේ මූලික පහසුකම් උපකරණ ලබාදිය යුතුයි 3. රෝහලට හානි කළ සියල්ලමට නීතිය ක්‍රියාත්මක කළයුතුය. 4.ගලහ ජනතාව මුදල් එකතුකර රෝහල නැවත සෑදිය යුතුය. එසේ නොවේ නම් වෛද්‍ය සංගමය කිසිදාක රෝහලට වෛද්‍යවරුන් එවනු නොලැබේ...
ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තියන්නේ සිදුවූ දෙය නොදැන.. මියගිය දරුවාට දෙමව්පියන් මුලින් පුද්ගලික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගෙන දරුවා සුවපත්වෙන්න කලින් ඔවුන්ගේ ආගමික උත්සවයකට ගෙනයාම නිසා දරුවාගේ රෝගය උත්සන්න වී දරුවා මියගොස් ඇත. එයට කෝප වූවන් රෝහල වටලා රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනාව මරා දැමීමට උත්සාහ කළ අවස්ථාවේ, පොලීසිය මැදිහත්ව පොලිස් නිල ඇඳුම් අන්දවා වෛද්‍යවරුන් දෙදෙනාව, නිරුපද්‍රිතව රෝහලෙන් එළියට ගෙනගොස් ඇත. ගෝත්‍රිකයන් වාසය කරන මෙම ප්‍රදේශයට වෛද්‍යවරුන් නැවත සේවයට යන්නේ නම්, මරණ සහතිකයද රැගෙන යායුතුය.
මෙවැනි අවස්ථාවක රජයේ වගකීම නම් මේ රෝහලට දොස්තර කෙනෙකු අනුයුක්ත කර ප්‍රදේශයට නොපමාව වෛද්‍ය සේවය ලබාදීමයි. ලංකාවේ දොස්තර කෙනෙකු මෙතනට යාමට අකමැති නම්, ලංකාවේ සේවයට කැමති ඉන්දියානු දොස්තර කෙනෙකු පත්කළ හැකියි. බැලූ බැල්මට මේ සිද්ධියේදී දොස්තරලා හෝ රෝහලට පහර දුන් පිරිස කියන දේ විශ්වාස කළ නොහැකියි. එබැවින් මේ සිද්ධිය පිළිබඳව රජය විසින් අපක්ෂපාති පරීක්ෂණයක් කර යම් තීරණයක් ගනු ඇතැයි සිතමි.
තමන්ගේ දරුවෙක්ට ඔය දේ වුණානම් ඔය දේශන ලියන උතුමන්ලා නිකන් ඉඳීවිද?
ඇඟේ හයියෙන් ප්‍රශ්ණ විසඳන්න බැරිබව දැන්වත් වටහාගත යුතු අතර නැවත නැවත මෙවැනි අමන ක්‍රියාවල නීරත නොවී බුද්ධිමත්ව කටයුතු කීරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳාගැනීමට කටයුතු කළයුතුය.
එම්.බී.බී.එස්. හිමි ඔබේ සේවය ගලහට අවශ්‍යම මොහොතයි. වහා පැමිණ වැඩ බාරගන්න.
එම් බී බී එස් වෛද්‍යවරුන් වෙනුවට ලියාපදිංචි වෛද්‍යවරුන් හෙවත් ආර් එම් ඕ වරුන් යොදාගන්න.
පශු වෛද්‍යවරයෙක් අනුයුක්ත කරමු.
සතුන් වෙනුවෙන් සතුන් පෙනී සිටිනවා විනා, මනුෂ්‍යන් වෙනුවෙන් සතුන් පෙනී නොසිටින එක අමුතු දෙයක් නොවේ. ඇති තැනට ආවඩමින් නැති තැනට පරිබව කොට නීතියක් නොමත්හි රටක වැරැද්ද (මිනීමැරුම) වසන් කලත් මිනීමරුවන්ට ස්වභාව ධර්මයා විසින්ම දඬුවම් දීම කිසිවෙකුට වැළක්විය නොහැක. වැරැද්ද අනුමත කරන අයට තමන්ගේ දරුවෙකුට එම ඉරණමම අත් විද ඔවුන්ට සිතුසේ සතුටු විය හැකි දවස ළඟදීම උදාවෙනු ඇත. එසේ නොමැති නම් පල්ලි, පන්සල්, කෝවිල් වල රස්තියාදු වෙමින් කාලය නහස්ති නොකළ යුතු වෙමු. දොස්තර මාෆියා කාරයින්ට ජයග්‍රහණය දී, අනෙක් ජනතාව මුදල් ගෙවා අසනීපයකට බෙහෙත් ගැනීමට සුදානම් වී නිහඬව සිටීම වඩා වැදගත් බව මගේ හැගීමයි.
සිදුවීම ගැන කිසිදෙයක් හරිහැටි නොදැන, දොස්තර ගෑවුණු හැමතැනකින්ම දොස්තරලගෙන් ඇරියස් කවර් කරගන්න දඟලන වෘත්තීය කුහකත්වයෙන් විතරක් පිරුණු ලුම්බිණිලා, බද්රානිලා වගේ අයට අනුකම්පා කරමු.
මෙයා වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි උන නිසා සමස්ත වෛද්‍යවරු ගැනම වෛරයෙන් ඉන්න කෙනෙක් විතරයි. ඒක නිසා ඒ වගේ අයගේ කතා ගැන එච්චර හිතන්න ඕනේ නැහැ.
වෘත්තීය තත්වය මත, උද්දච්ඡකම හා හීනමානය මුසු නොසැලකිල්ල පෙරදැරි කරගෙන සිදුකරන නිහීන ක්‍රියාකාරකම් වලට එරෙහිව අදහස් පලකරන මා හට "වෘත්තීය කුහකත්වය" යන හරුපයෙන් දමා ගසා, වරද වලලාලන්නට තැත්කරන මානවයින් දුටුවිට සිහියට නැගෙන්නේ, ගලේ පහරූ බළල් තඩියාගේ ප්‍රතිරූපයයි. තම නැණ පමණින් ක්‍රියාකරන තඩි බළලුන් හා බළල් පැටවුන් ලවා කොස් ඇට බාවන කෛරාටික බළල් තඩියන්, ගල මත වර්චස් පිඩ වල දමන්නට දරන නිරර්ථක උත්සාහය හමුවේ, හත්පොලේ ගා ගෙන සමාජයම ගඳ ගැස්සුවත්, නාසය අවහිර වී, උපතින්ම අන්ධ භාවයට පත් පිරිසක් ඉදිරියේ සුරතල් පුස් පැටව් මෙන් හැසිරෙනවා දුටු විට, මට නම් අප්‍රසන්න හැඟීමක් දැනෙනවා මෙන්ම, පිළිකුලක්ද ඇති කරයි. කෙසේ වෙතත්, කුමන වර්ගයේ පිරිසක් මැද, කුමන ආකාරයේ රැඟුම් දැක්වූවත්, විශ්ව ධර්මයේ විනිශ්චය දොස්තරට මෙන්ම රෝගියාටත් සමාන බව සතෙකු වුවත්, වටහා ගත යුතුයි.