(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

ගාල්ල කරාපිටිය දෙමහල් නිවසක රහසිගතව පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන වලට අයත් ලිපි ලේඛන ව්‍යාජව සකස් කරන ස්ථානයක් වටලා නිලමුද්‍රා ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන රාශියක් සමඟ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.

එම ස්ථානයේ තිබූ විවිධ රාජ්‍ය ආයතන වලට අයත් නිල මුද්‍රා  88 ක්   , නිල මුද්‍රා සකසන යන්ත්‍රයක් , ව්‍යාජව සකස් කරන ලද ජාතික හැදුනුම්පත් 8 ක් ,රියදුරු බලපත්‍රයක් , උප්පැන්න සහතික,මුද්‍රණ යන්ත්‍රයක් ,විවාහ සහතික, ව්‍යාජ  මාසික විදුලි බිල් ඇතුළු ලිපි ලේඛන මෙන්ම විදේශගත වන පුද්ගලයන්ගේ වත්කම් පෙන්විය හැකි ලිපි ලේඛන රැසක් පොලිස් භාරයට ගෙන ඇත .

ගාල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට අයත් නිල මුද්‍රාවට සමාන නිල මුද්‍රාවක් ද ඒ අතර තිබී සොයා ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පැවසීය.