( එච්. චන්දන )

ආපදාවට ලක්වූ ගාල්ල ප්‍රදේශයේ රජයේ නිළධාරින්ට සහය දීම සදහා පුත්තලම් දිස්ත්‍රික්කයෙන්  රජයේ නිළධාරින් 250 ආසන්න ප්‍රමාණයක් දින කිහිපයක් ස්වේච්ඡාවෙන් සේවය කිරීමට පිටත් කළ බවත් සහනාධාර ලොරි රථ 13 මේ සමඟ යෑවු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් .එච්. එම් චිත්‍රානන්ද මහතා කියයි.

ඉකුත් වර්ෂයේ  මේ වකවානුවේ  පුත්තලමට ඇතිවූ ගංවතුර  මොහොතේ  පුත්තලම් දිස්ත්‍රික් ජනතාවට සැලකූ දකුණේ ජනතාවට කලගුණ සැලකීමක් ලෙසත් , අප කළ ඉල්ලීමට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් 16ක් තුළ වෙසෙන අපේ  ජනතාව විශාල ද්‍රව්‍ය රැසක්  ලබා දී ඇති බවයි.

එම ආධාර ගාල්ල දිස්ත්‍රික් ලේකම් වෙත තමන් ඇතුළු කණ්ඩායම භාර දෙන බවත් මේ පිළිබදව ජනතාවට දැනුවත් කළ ලංකාදීප පුවත්පතටත් , ද්‍රව්‍ය ලබා දෙමින් සහය දැක්වූ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාවට ද ස්තූතිවන්ත වන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.