රවී ලියනගේ සහ සිරංගිකා ලොකුකරවිට
ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ දී පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා ඡන්දය ලබාදුන් එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
එක්සත්ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායකයා වන අමාත්‍යවරයා අද (25) නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක මේ බව දැක්වේ.
එම නිවේදනයේ ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගාල්ල මහනගර සභාව ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයට සභික ධූර 14ක් හිමිවූ බවයි. ඒ අනුව ගාල්ල මහ නගර සභාවේ බහුතර බලයක් කිසිදු තනි පක්ෂයකට හිමි නොවූ බැවින් නගරාධිපතිවරයා හා නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාගැනීම සභිකයන්ගේ ඡන්දයෙන් කිරීමට සිදුවිය.
අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසන්නේ නගර සභාවේ බලය ලබා ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් තිදෙනාගේ ද එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයාගේ ද සහයෝගය තම පක්ෂයට ලැබුණු බවයි.
ඒ අනුව මන්ත්‍රීවරු 18 දෙනකුගේ සහාය එක්සත් ජාතිත පක්ෂයට හිමිව තිබුණු බවත් නගරාධිපතිවරයා ලෙස එජාපයෙන් ජිලිත් නිශාන්ත මහතාත් නියෝජ්‍ය නගරාධිපති ලෙස එජනිසයේ දේශප්‍රිය ලියනගේ මහතාත් පත් කිරීමට මන්ත්‍රීවරු 18දෙනාම ඒකමතිකව එකඟ වී සිටි බවද අමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කරයි.
එමෙන්ම නගරාධිපති තේරීමේ ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ නම් එය විවෘත ඡන්දයක් ලෙස පැවැත්වීමටද මෙම සභිකයන් 18දෙනා එකඟ වී සිට ඇත. එම එකඟතාවයන් ඇති වීමට පෙර එක්සත් ජාතික පක්ෂයෙන් සභාවට තේරී පත්වූ ඇතැම් මුස්ලිම් ජාතික මන්ත්‍රීවරු තමන්ට නගරාධිපතිධූරය දෙන්න යැයි පුද්ගලිකව ඉල්ලා සිටිය ද සියලු දෙනා සමග ඉහත එකඟතාවයන්ට පැමිණි බවද අබේවර්ධන මහතා පවසයි.
එවැනි එකඟතාවයන් තිබියදී නගරසභාවේ නගරාධීපතිවරා තේරීමේ ජන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැත්විය යුතු බවට තම පක්ෂයේ මුස්ලිම් ජාතික සභිකයන් අට දෙනකු ප්‍රකාශ කිරීමත් අනතුරුව නගරාධිපතිවයා තේරීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ නගරාධිපති අපේක්ෂකයාට එම මුස්ලිම් ජාතික සභිකයන් විසින් සහයෝගය ලබා දීමත් හේතුවෙන් නගර සභාවේ බලය තම පක්ෂයට අහිමි වූ බව අමාත්‍යවරයා පවසයි.
පළාත්පාලන ආයතන වල බලය ලබා ගැනීමේදී කවරාකාරයේ පක්ෂ හෝ කණ්ඩායම් සමග කටයුතු කළද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කිසිදු ආකාරයක එකඟතාවයන්ට පැමිණීමෙන් වලකින ලෙස පක්ෂය විසින් උපදෙස් ලබාදී තිබියදී එක්සත් ජාතික පක්ෂයේ ෆවුසුල් නියාස් මහතා පක්ෂයේ මතයට පටහැණිව යමින් නියෝජ්‍ය නගරාධිපති ධූරය බාරගෙන ඇත.
මේ අනුව පක්ෂයේ එකඟතාවයන්ට හා තීරණයන්ට පටහැණිව කටයුතු කරමින් ගාල්ල මහනගර සභාවේ බලය මුදලට පාවාදුන් එක්සත් ජාතික පක්ෂයේම සභිකන්ට එරෙහිව කඩිනමින් පරීක්ෂණයක් පවත්වා දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව වජිර අබේවර්ධන මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පක්ෂ මහ ලේකම් වරයාට මේ බව දැනුම් දී ඇති බවත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඒ සම්බන්ධව වැඩිදුර උපදෙස් ලැබී ඇති බවත්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගාල්ල මහනගර සභාවේ බලය මුදලට පාවාදුන් මන්ත්‍රීන්ට විනය පරීක්ෂණ
ranavi Sunday, 25 March 2018 04:57 PM
ඇස් පනාපිට හොරකම් කරපුවට දඬුවම් දෙන්න තමයි 2015 හොරුන්ව එලවල අලුත් ආණ්ඩුවක් හැදුවෙ.කෝ අද වෙනකම් එක ඉෂ්ට වුනාද.රටේම ඉන්න මන්ත්‍රීන්ට සල්ලි දීල ජනමතය වෙනස් කරන්න පුළුවන් සල්ලි වලට.අද නිකං අපිව අන්දන්න එනවා.
Sunil Sunday, 25 March 2018 06:26 PM
කලාප අධ්‍යක්ෂකගේ ගේ චක්‍රලේඛනයට අනුව ඒගොල්ලොත් ඉස්කෝලවලට එනකොට නිසි ගෞරවය දැක්විය යුතුද ඇමති තුමෝ?
M.A.A.R. Fernando Sunday, 25 March 2018 11:55 PM
ඔහොම යනකොට පාර්ලිමේන්තුවේ බලයත් මුදලට පාවාදෙන්න පුළුවන්.
Chandra Monday, 26 March 2018 03:16 AM
ඒක තමයි බුද්දිමතුන් බොහෝ දෙනෙක් පොරොන්දු වූ පරිදු හොරු ඇල්ලුවේ නැතුවට විරුද්ද. රටේ හංගපු මුදල් හැමතැනම . කොහෙද, පොරොන්දු වුනු අය පක්ෂ බදාගෙන රට කෑව. එකක් අල්ලාගෙන චන්ද දිනන්න හැදුව . ඒ නිසා අන්තිමට රට දුවන්නේ නැහැ , ආණ්ඩු දෙකකට රට පාලනය කරන්න බැහැනේ . ඒ නිසා. අපි අනාතය්. අන්තිමට අර වදුරා ඉරන කොටයක් උඩට වෙලා කූන්ග්ඥය ගලෝල වෙච්ච් දේ තමය් ඒ අයට වුනේ.
padmini Monday, 26 March 2018 04:18 AM
විනය පරීක්ෂණ තියන්නකෝ. එකටත් සල්ලි විසි වෙනවා. කවදාවත් ලංකාවේ නරි ටිකට අනාගතයක් න නැහැ. හු කියනවා හැර.
Hafeel Monday, 26 March 2018 07:37 AM
අනුන්ට ඇඟිලි දික්කරන්න කලින් තමන් නිවැරැදි වියයුතුයි. ඇවන්ගාර්ඩ් සිද්ධිය යටපත් කරන්න මෙයාත් සම්බන්ධ වුණා. නිකන්ද ඔය වගේ ජරා වැඩ කරන්නේ? මුදලට නොවෙයිද? මෙච්චර කල් ලොකු ලොකු හොරුන් ආරක්ෂා කරලා, දැන් පොඩි හොරුන්ට විනය පරීක්ෂණ...