(සිරංගිකා ලොකු කරවිට,ඩී ජී සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ පසු ගිය පැය 24 තුළ ඇති වූ ගං වතුර හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 19 හි ග්‍රාම සේවා වසම් 313 ක පවුල් 17771 ක සමාජිකයින් 69216 ක් පීඩාවට පත්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
පුරණ වශයෙන් හානියට පත්වූ නිවාස සංඛ්‍යාව 80ක් වන අතර අර්ධ වශයෙන් නිවාස 96කට හානි සිදුවී ඇත. දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පිරිස් වෙනුවෙන් සහන සේවා කඳවුරු 05ක් ස්ථාපිත කර ඇත.
බද්දේගම කොට්ටාසයේ ගෝනපුර, දොඩංගොඩ, හා ගනේ ගම ස්ථානයන් සහ නෙළුව කොට්ඨාසයේ ධර්මපාල පන්සල සහ බටුවන්ගල පන්සලෙහි මෙම සහන කඳවුරු ස්ථාපිත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දේ ඉවරවුණාට ලංකාව යන්නේ වැරදි මග කියල පරිසරයෙන් පාඩමක් වෙන්න ඇති...