රවී ලියනගේ
ප්‍රමිතිගත රූපලාවන්‍ය නිෂ්පාදනයට සමානම අයුරින් නිෂ්පාදනය කර රූපලාවන්‍ය ආලේපන අලෙවි කළ ගාල්ල මහ වීදිය ප්‍රදේශයේ වෙළෙඳසල් හිමියෙකු සහ රුපියල් ලක්ෂ 07ක් ආසන්න වටිනාකමකින් යුතු ව්‍යාජ රූපලාවන්‍ය ආලේපන තොගයක් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ රූපලාවන්‍ය නිෂ්පාදන ඇති බවට අදාළ ප්‍රධාන ප්‍රමිතිගත සමාගම් වලින් කරන ලද පැමිණිල්ලක් අනුව උසාවියෙන් ලබා ගත් සෝදිසි නියෝගයක් අනුව වැටලීමක දී අදාළ නිෂ්පාදන මෙසේ අත්ඩඅංගුවට ගෙන තිබේ.
නිෂ්පාදනයේ නියම ඇසුරුම හා සමාන ලෙස ඉතාමත්ම සුක්ෂම ආකාරයෙන් නිෂ්පාදනය කර ඇති මෙම රූපලාවන්‍ය අලේපන ප්‍රමිතිගත ආලේපනයේ මුදලට වඩා රුපියල් 2.50 ක් අඩුවෙන් මිල නියම කර ඇත.
දවටනයෙහි මුද්‍රණය ද ඉතාම සුක්ෂම ආකාරයෙන් අදාළ ඉන්දියාවෙන් ආනයනය කරන ප්‍රමිතිගත ආලේපනයේ ආකාරයටම සකසා මෙසේ ජනතාව මුලා කරමින් මෙම ආලේපන අලෙවි කර තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති වෙළෙඳසල් හිමිකරු හෙට (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙම ආලේපන නීතිවිරෝධී අයුරින් ඉන්දියාවේ සිට මෙරටට ගෙනවිත් මෙසේ අලෙවි කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.


2025 දෙසැම්බර් මස 18
374
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේදී නීති විරෝධි රූපලාවන්‍ය අලෙවිසලක් වටලයි
dias Wednesday, 28 February 2018 01:28 PM
මෙවැනි තැන් වටලා අධික දඬුවම් සහ දඩ ගත යුතුයි.