IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


‘ග්ලෝරී ටූ ගෝ‘ නෞකාව තවමත් ජංගල් බීච් මුහුදු තීරයේ

(අමල් වික්‍රමරත්න)

ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටු ගෝ නමැති මෙම  නෞකාව  අද උදෑසන වනවිටත්  ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල් පරයක සිර වී තිබෙන අයුරු දැකිය හැකිය.

ගාල්ල  රුහුණු සිමෙන්ති කම්හලට ක්ලින්කර් ගෙන එන ලද මෙම නෞකාව  ගාලු වරායට පිටත වරායේ නැංගුරම් යොදා නවතා තිබී ඇති අතර මුහුදේ තිබු රළු වීම  නිසා නැංගුරම් වලින් බිදී එහි සිටි නාවිකයින්ද සමග ඊයේ ( 18)  සවස ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච්  මුහුදු තීරයට ගසාගෙන පැමිණ තිබිණි. අනතුරුව  උණවටුන සාම චෛත්‍යය පාමුල ගල් පරයක් අසල සිරවී තිබුණි.
 
එහි සේවක මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකු මහවැසි නොතකා රූමස්සල ප්‍රදේශවාසීන්ගේ සහයෙන්  කඹ යොදාගනිමින් බේරාගෙන තිබු අතර පසුව පැමිණි නාවික හමුදා කණ්ඩායමක් මැදිහත්ව ඉතිරි පිරිස බේරා ගැනීමට සමත් විය.
 
නෞකාවේ  ආරක්ෂාව සදහා නාවික හමුදා නිලධාරීන් යොදවා  ඇත.මුහුදේ තත්වය සාමාන්‍ය අතට හැරුණු වහාම නවුකාවට කළ යුත්තේ කුමක්දැයි තීරණයකට එළබෙන බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.
 
මේවන විටත් ජංගල් බීච් වෙරළ තීරය අසල මුහුද ප්‍රචණ්ඩකාරී තත්වයක පවතින බව  ප්‍රදේශවාසීහු පවසති.


 
 



අදහස් (1)

‘ග්ලෝරී ටූ ගෝ‘ නෞකාව තවමත් ජංගල් බීච් මුහුදු තීරයේ

ලංකෝනිස් Friday, 19 July 2019 10:48 AM

රූමස්සල තිබුණ නැව දැනට තියෙන්නේ මොන රටේද කියන්න. මේ මුහුදු තීරය ලංකාවේනම් වෙන්න බැහැ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 112 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 955 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2561 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site