විනීතා එම් ගමගේ
ග්ලයිෆොසේට් ගහනම ඉවත් කිරීමේ කැබිනට් පත‍්‍රිකාව හෙට සම්මත වුවහොත් ඒ මොහොතේම තමන් පාරට බහින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
මේ කැබිනට් පත්‍රිකාව සම්මත නොකරන බවට ජනාධිපතිතුමන් තමන්ට පොරොන්දු වූ බවත් ග්ලියෆොසේට් තහනම් කරන බවට ඔහු මැතිවරණ පොරොන්දු පවා දී තිබෙන බවත් උන්වහනසේ පැවැසූහ.
වාහනයක් නිවසක් සුව පහසු ජීවිතය හෝ ¥ දරුවන්ගේ විදේශ අධ්‍යාපනය වෙනුවෙන් මෙහෙම රට විනාශ කරන ජාතික අපරාධ කරන්නේ පාතාලයන් බවත් තමන්වහන්සේ ඔවුන් හඳුන්වන්නේ ටයි කෝට් දාගත්තු උගත් අපරාධකාරයන් ලෙසින් බවත් රතන හිමියෝ කීහ.
ග්ලයිෆොසේට් තහනම ඉවත්කරන්නට සහාය දෙන්නන් ඉදිරියේ දී අපරාධකාරයින් ලෙස නම් කරන්න කටයුතු කරන බව ද රතන හිමියෝ කීහ. රතන හිමියෝ මේ අදහස් පළ කළේ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආයතනයේ අද (26) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
මේ වස තහනම තිබුණා, නැතා කියලා ලොකු වෙනසක් තිබුණේ නෑ. ගොවි මහත්වරු ළඟ තහනම් කල වස තිබුණා ඕනා තරම්. කලින්ටත් වඩා අඩු මිලට. මේ තහනම ඉවත්කල එකෙන් සිද්ධවුණේ එකම දෙයයි. මේ වගේ ධෛර්‍යය සම්පන්න මිනිස්සුගේ ආත්ම විශ්වාසය කුඩුපට්ටම් කරලා ඒ මිනිස්සුන්ව පොළොවේ ගහපු එක. ඒත් මේ වෙලාවේ වස විස නැති ගොවිතැන් ව්‍යාපාරවල නියමුවෝ කඩාගෙන වැටුනොත් බොහෝ දෙනෙකුගේ අවුරුදු 10ක 15ක මහන්සිය වතුරේ යයි. එහෙම කඩාවැටෙන්න ඕනි නෑ. වස විස නැති ආහාර වලට අති විශාල වෙළෙඳපොළක් තියෙනවා. ලංකාවේ වගේම අපනයන ආර්ථිකය තුලත්. රටක වෙළෙඳපොළ වෙනස් කරන්න පුළුවන් තරමට ශක්තිමත් රජයයන් අද හරි අඩුයි. අපේ වගේ රජයකට එහෙම දෙයක් කරන්න කොහොමටවත් බෑ. පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ හීනයක් තිබුණා හැම මනුස්සයෙක්ටම වස විස නැති ආහාර වේලක් උරුම කරන්න. ඒත් මිනිස්සු කැමති වස කන්න නම්.. ගොවියෝ කැමති වස වවන්න නම්.. රජය කැමති වස කවන්න නම්.. අපට කරන්න දෙයක් නෑ. වරප්‍රසාදලාභී සුපිරි පැලැන්තිය පිරිසිදුවට කද්දී සාමාන්‍ය පොදු ජනතාව වස කාලා, දුක් විඳලා මැරිලා යයි.
ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා
මේ පිළිබදව රටේ උගතුන්ගෙ අදහස් හා යෝජනා සළකා බැලීමයී මුලින්ම කලයුතුව තියෙන්නේ. එහෙම නැතිව උදේට තහනම් කරන්නයී හවසට තහනම ඉවත් කරන්නයී ආණ්ඩු මොකටද
ගොවීන් විසින් ග්ලයිෆොසේට් අඩු වියදම් වල් නාශකයක් ලෙස යොදා, ගොවිතැනින් ලාබයක් ලබා ජීවත්වීම සඳහා පමණක් යොදා ගත්තා. එම වල් නාශකයට විරුද්ධ නම් පාරට බැහැල හරියන්නේ නැහැ. කල යුත්තේ ප්‍රයෝගික විකල්ප ඉදිරිපත් කිරීමයි.
අවසර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය කරන සටනම පාසල් ළමුන් මත්කුඩු මත් පෙති මත් ටෝෆී මත් බිම ආදී නානා විසමාචාර වලට පොලොඔවන බලවේග සදහාත් යොදන්ඩ අපේ හාමුදුරුවනේ නැත්නම් අපට අනාගත පරපුරක් නැතිවේවි .හිතක් පපුවක් නැති මුදල් පස්සේ දුවන තිරිසන්නු . ඔබවහන් සෙට පුළුවන්නේ පාර්ලිමේතුවේ මේ ගැන මතයක් හෝ හඩක් නගන්ඩ . මතට තිත කිව්වට දැන්නම් තිතට මත . අපි බලාගෙන ඉන්නවා ඔබවහන්සේ මේ ගැන පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිගේ විශේෂ අවධානය යොමුකරයි කියල තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ජනවාරි 8 අපි සේරම පාරට බැස්සුවනේ.?
ග්ලයිෆොසේට් හරි මොනවා හරි ගැන හරි උපදෙස් ගන්න ඕනේ, රටේ ඉන්නවා මේවා ගැන දන්නා අය. ඒවාට ගෙවන්නම ඕනේ නැහැ.
වසවිස භාවිතය සම්බන්ධව අනික් දියුණු රටවල් ගන්න තීරණ අපිත් ගතයුතුය. මොකද රටවල් දියුණු වුනත් නොදියුණු උනත් ජීවිත වල වටිනාකම සමානය. කැනඩාව වගේ රටවල් වසවිස කෘෂිකර්මය සඳහා රට තුලට ගෙන් වීම තහනම්ය එසේනම් අපිත් තහනම් කරමු. මේ වසවිස මහපොළවට එකතුවී අපිට අනාගතයේ වතුර බීමට ලිඳක් වත් හාරා ගැනීමට බැරිතත්වයකට පත්වනු ඇත. දැනටමත් පොලව සරු කරන පනුවන් කෘමීන් අපේ කෘෂිකාර්මික පොළවෙන් වඳ වී ගොස්ය. අන්තිමට අපිද පොළවෙන් වඳවී යනු ඇත.
Jayantha Ranatunga, ඔබ කියන කාරනාව ගැන විශේෂයෙන් දෙමව්පියන් සොයා බැලිය යුතුය. පාසල්වල උදේ රැස්වීමේදී පන්සිල් ගැනීමෙන් පසු ළමයින්ට මේවා ගැන කියා දී ඒසේ කරන ළමයින් ගැන දැනගැනීමට සියුම් උපක්‍රම යෙදිය යුතුය.
පාරට බහින්න ඉස්සරවෙලා විකල්ප ඉදිරිපත් කරන්න. පාරට බැහැල අයෙත් සාටකේ ඉල්ලෙන්න හදන්න එපා.
හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඉතා මහත්මා දේශපාලන කරන අවංක පරිසිදු හිමිනමක්. ඔබ වහන්සේට මේ ප්‍රධාන දේශපාලන පක්ෂවල් ගැලපෙන්නම නැහැ. හොරකම්, වංචා නැති JVP සමග ඉදිරි දේශපාල ගමන ගෙනියන්න අපේ හාමුදුරුවනේ. පවතින රජයේ ඉලක්කය 2020 ගැන හැර, රට ගැන හෝ ජනතාව ගෙන හෝ නොවෙයි.