( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇතැයි කියන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි තවදුරටත් අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා බදාදා (24) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ බව තහවුරු කිරීම සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අධිකරණය හමුවේ අද (31) වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.
හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථාකර කලහකාරී ලෙස හැසීරීමෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා ලැබ සිටියි.
නමුත් ඉකුත්වර මෙම නඩුව අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර එම හිමියන් අසනීපයෙන් පසුවන බව දැනුම් දෙන ලදී.
එම කරුණු සලකා බැලූ අධිකරණය වෛද්‍ය වාර්තාවක් සමඟ විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරිය එකඟතාවය පළ කළාය.
ඒ අනුව ඥානසාර හිමියන් අද (31) අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබූ අතර නමුත් එම හිමියන් අධිකරණයට නොපැමිණි නිසා පෙත්සම ජුනි 12 වැනිදා කැඳවීමට දින නියම කළේය.
විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා පෙනී සිටියේය.
.
COMMENTS
ඔබවහන්සේට ඉක්මන් සුවය අපි ප්‍රර්ථනා කරනවා !!!
අනේ මන්දා... කවුද ඇත්ත කියන්නේ කියලා මට නම් හිතාගන්නවත් බැහැ.. හාමුදුරුවනේ...!!!
මේ තරම් රටට විනාසයක් වුණු වෙලාවේ හාමුදුරුවරු පිණ්ඩපාතේ වැඩමවලා ලබාගත් දේ අසරණයන් වෙනුවෙන් දායක වුණ එක කොයිතරම් හොඳද?
ලොකු අමාරුවක් සිදු වෙන්න ඇති ඉස්පිරිතාලේ යන්න... මුසාවාද වෙන්න බෑ නේද? .. හාමුදුරු කෙනෙක් නේ...
පැවිදි අයට මෙහෙමනම් ගිහි අය ගැන මොන කතාද ?
උසාවියට එන්න තියෙන බය හින්දාද හාමුදුරුවනේ අසනීප වුණේ.... ?
උන්වහන්සේ එසේ අසනීප වුණේ කුමක් නිසාද?
අපේ හාමුදුරුවෝ වැඩඉන්නේ මොන ඉස්පිරිතාලෙද? ඔබවහන්සේට ඉක්මන් සුවය පතමි...
එතකොට ජාතිවාදී අදහස් පතුරුවන අය අත්අඩංගුවට ගන්න පොලිසියට උපදෙස් ලැබුණේ නැද්ද?
ජාතිය, ආගම බේරගන්න අන්තවාදීන් හා අන්තවාදී අදහස් දරන දේශපාලකයන්ට එරෙහිව එඞිතර හඞක් නගන ගරු ස්වාමීන්වහන්සේට නිරෝගි සුවපතමු.... !!!
මහා ප්‍රෝඩාවක් වෙන්නේ. අධිකරණය නියමකරනවා පෙනීසිටින ලෙසට, අසනීපව ප්‍රතිකාර ගන්නවා කියලා උසාවියට කියනවා. මොකක්ද ඇත්ත?
නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් සටන් කරන හිමියනි,.. ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා !!!
රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න ඔබ වහන්සේට දීර්ඝායු වේවා...!!!
ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබේවා!!!
ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබේවා ...!!! ඒවගේම අර අසරණ ආනන්ද වෙඩිසිංහ වගේ රටට කීර්තියක් ගෙනෙන මිනිස්සුත් නැතිවෙනවා.
ඔබවහන්සේට ඉක්මන් සුවය සහ දිර්ඝායුෂ පතනවා. සමහර හාමුදුරුවන්ට සාපේක්ෂව ඔබවහන්සේ සඟරාජ තනතුරේ තියන්න ඕනේ....