(ඉන්දිකා රාමනායක)
මියන්මාර ජාතික සරණාගතයින් පිරිසක් රැඳී සිටි ගල්කිස්ස නිවස ඉදිරිපිට කලහාකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර වු බව පොලිසිය කියයි.
මෙලෙස බාර වී ඇත්තේ වැඩ තහනමට ලක් වු පොලිස් කොස්තාපල්වරයකු වන වාද්දුවේ පදිංචි ප‍්‍රගීත් චානක ගුණතිලක නැමැත්තා වන අතර බාර වීමෙන් පසු සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමෙන් පසු අද පස්වරුවේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.