හර්ෂණ තුෂාර සිල්වා
රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් අන්තර්ගත ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීම තුළින් රටේ ආදායම් ඉහළ නැංවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) කොළඹ දී ප්‍රකාශ කළේය.
ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ අවසන් ඉලක්කය ගොවීන්ගේ ආදායම් වැඩි කිරීම යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි කීය.
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූල්‍ය ආධාර යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශය පහසුකම් සපයන ‘වෙළෙඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය’ දියත් කිරීම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු කීය.
වසර හතරාහමාරක කාලයකදී දියත් වන මෙම ව්‍යාපෘතියේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 14.1 (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.1)ක් වේ. කොළඹ මුවන්පික් හෝටලයේදී මෙම උත්සවය පැවැත්විණි.
මෙහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“මේ රටේ කුඩා හා මධ්‍යම කිරි ගොවීන්ට මෙම ව්‍යාපෘතිය යටතේ ආධාර සහ පහසුකම් ලැබෙනවා. අපට එක් කිරි එළදෙනකගෙන් ලැබෙන්නේ කිරි ලීටර 4ක් 5ක්. මේ ව්‍යාපෘතිය යටතේ අපට එය කිරි ලීටර 10ක් දක්වා වැඩි කරගැනීමට හැකියාව ලැබෙනවා
ඉන් අනතුරුව එය ලීටර 20ක් දක්වා වැඩි කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතා හොඳ පහසුකම් තිබෙන ඒ වගේම විශාල පට්ටි තිබෙන කිරි ගොවීන් දිනකට කිරි ලීටර 5ක් දොවා ගන්නවා. හැබැයි කුඩා හා මධ්‍ය කිරි ගොවීන්ට ඇතැම් අවස්ථාවලදී කිරි ලීටර 4ක් 5ක් ලබාගන්නත් බැහැ.
වෙළෙඳපොළ ඉලක්ක කරගත් මෙම කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ අපට කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන් දිරි ගන්වමින් ඔවුන්ගේ කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට හැකියාව ලැබෙනවා. ගුණාත්මකභාවයෙන් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාගැනීමට අපට හැකියාව ලැබෙනවා.
පළමු පියවර ලෙස කිරි ලීටර 8ත් 10ත් අතර ප්‍රමාණයක් ලබාගත්තාම අපට දෙවැනි පියවරට යෑම අමාරු නැහැ. හතර ගුණයකින් කිරි නිෂ්පාදනය වැඩි කිරීම අපේ අවසන් ඉලක්කයයි.
අපි සංචාරක, තොරතුරු තාක්ෂණ, සේවා, කර්මාන්ත, නිෂ්පාදන, වරාය, මහාමාර්ග, ගුවන් තොටුපොළ ආදී ක්ෂේත්‍ර රැසක් නවීකරණය කරමින් ඉන්නවා. අඟහරුවාදා අපි ලෝක බැංකුවේ ආධාර යටතේ කෘෂිකර්මය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. අද අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කළා.
ඒ අනුව රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් අන්තර්ගත ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ග්‍රාමීය ආර්ථිකයේ නියමුවන් වන්නේ ගොවීන්. අපි ගොවීන් ශක්තිමත් කරනවා. අන්තිම ඉලක්කය ගොවීන්ගේ ආදායම් වැඩි කිරීමයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අපේ ආණ්ඩුව ගම්මානවල වාරිමාර්ග සංවර්ධනය සඳහා මුදල් වෙන් කරනවා. නව කෘෂි භෝග හඳුන්වා දෙනවා. ඒ වගේම කිරි ගොවීන්ගේ ආදායම් වැඩි කිරීමට අපි මෙම ව්‍යාපෘතිය දියත් කරනවා.
කිරි ගොවීන්ගේ ආදායම් වැඩි කිරීම තුළිනුත් අපට රටේ ආදායම් වැඩි කරන්න පුළුවන්”.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා මෙසේ කීය.
“ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අරමුදල්වලින් ක්‍රියාත්මක වන විශාලතම කිරි නිෂ්පාදන හා සම්බන්ධ ව්‍යාපෘතිය මෙයයි. ඇමෙරිකා එක්සත් ජනපදය ගෝලීයව මෙන්ම කලාපීයව ආර්ථික කටයුතුවල නිරත වෙනවා.
වසර 1956 සිට ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දියුණුව වෙනුවෙන් විවිධ ආකාරවලින් සහාය ලබා දී තිබෙනවා. පසුගිය හැට වසරක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාකියන්ගේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 2,000කට (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2කට වැඩි මුදලක්) වැය කර තිබෙනවා.
එයින් වැඩි මුදලක් ආධාර වශයෙන් ද ඇතැම් මුදල් සහනාධාර ලෙසින් ද ලබා දී තිබෙනවා. ආපදා අවස්ථාවලදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් බොහෝ දේ කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ උතුර, උතුරු නැගෙනහිර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වල කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්ට පහසුකම් සැලසෙනවා.
මේ ව්‍යාපෘතිය ඔස්සේ ගුණාත්මකභාවයෙන් ඉහළ කිරි නිෂ්පාදන වෙළෙඳපොළට සැපයීමට තාක්ෂණික, මූල්‍ය සහ අනෙකුත් ආහාරවලින් කිරි ගොවීන්ට සහාය සැලසෙනවා”.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හත්වල්මේ කියා කියා ඉන්නේ කොරන්න්කෝ.
ලක්ෂ දයක් රැකියා ගමේ අපිට නියමයි. දැන්නේ මොල්පෑදුණේ. කියනවාට වඩා දෙයක් කරන්න
දැන් චුයින් ගම්, බ්‍රේස්ලට්, වයිෆයි වලින් ගම නවීකරණය වෙන්නේ නැතිබව වටහාගැනීමත් ලොකුදෙයක්.
ආපු දවසේ ඉඳන් එහෙම කරනවා මෙහෙම කරනවා. බලාපොරොත්තුවෙනවා. නමුත් අපට පේන්න දේවල් නැහැනේ. මහ බැංකු වංචාව දවසින් දවස රුපියලේ වටිනාකම බාල්දුවීම බොරු වයිෆයි සේවාව. වොක්ස්වගන් කාර් ගරාජය දඬුවම් දීපු හොරුත් නැහැ තමන්ගේ නායකත්වය බේරන්න විටින් විට ඇමැති මණ්ඩල සංශෝධන
රට කාබාසිනියා කරමින් පංපොරි ගැසීම
වැඩිකළ 6.5% මදි කියල බස් කාරයෝ පොඩි සද්දයක් දැම්ම බස්ගාස්තු 12% කලා ගුවන්තොටුපල සේවකයෝ පඩි 10000 වැඩි කරන්න කියල සද්දයක් දැම්ම , එක කලා, දැන් ආගමන විගමන එක , දුම්රිය සේවකයෝ ,දොස්තරලා හැමෝම සද්ද දමනකොට ඉල්ලන ඒවා ඔක්කොම දෙනවා , ඉතිං ආර්ථිකය දිනෙන් දිනම වැටෙනවා , ඔහොම පුලුවන්ද ආණ්ඩු කරන්න, ග්‍රාමීය ආර්ථිකය කෙසේවෙතත් මෙහෙම ගියොත් මුළු රටේම ආර්ථිකය විනාශ වෙලා නතර වෙන්නේ ,
පම්පෝරි ගසමින් දවල් හීන දකිමින් මේ වගේ මහජන මුදල් නාස්ති කරමින් කරන මේ විකාරය නවත්තන්න.........
කරන්න පුළුවන් දේවල්නම් කොච්චර තියෙනවද? කරන්නේ නැති එකනේ ප්‍රශ්නේ.
හොඳ තීරණයක් අගමැතිතුමනි, ගොවිතැනට අත හිත දෙන නූතන පැරකුම්භා රජතුමා ඔබයි...
ගම නවීකරණය කරනවට අපිට උද්ඝෝෂණය කරන්න සිද්ද වෙන්නේ නෑ මොකද මේ කියන එකක් වත් නොකෙරෙන නිසා
කතා නැතුව ජනතාවට වැඩක් කරලා පෙන්නුවානම් ඔයිට වඩා හොඳ නැද්ද? මෙගොල්ලො කරන සංවර්ධනය කොහොමද කියනවනම් අද දවසින් දවස රුපියල බාල්දු වෙනවා.යහාපාලනය කොහොමත් වැඩක් කරනවාට වඩා කියව කියව ඉන්න දක්ෂයි.
හැමදාම කියන්නේ ආර්ථිකය නංවනවා කියාලයි. කවදද ඕක ඉඅහල නංවලා පෙන්නන්නේ? රුපියල හොඳටම වැටිලා. ඕක ඉහල නගිනවට සාක්ෂිද ඒ? මොනවා කියනවද කියාලා අපිට නම් තේරෙන්නේ නැහැ.
කරනවා නම් කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද
මහා කොම්පැණිවලට විතරක් බලපත්‍ර දෙන්නේ ගෘහ කර්මාන්තයක් හැටියට හැලි අරක්කු පෙරාගන්න පොල්ගස් මැදගන්න අවසර දෙන්න.