( ඩබ්ලිව්.ඵ්. අසේල සහ එම්. දසනායක)
වාඩියගොඩ ගුරුගල්ඔය ජලාශයේ දිය නෑමට ගිය වයස අවුරුදු 14ක පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇතැයි පොලීසිය කියයි.
අද (23) උදෑසන මිතුරන් සමඟ දිය නාමින් සිටියදී එක් වරම ගිලී ඇති අතර ඔහු බේරා ගැනීමට මිතුරන් උත්සාහ ගත්තද දියේ ගිලී නොපෙනී ගොස් ඇත.
මෙසේ දියේ ගිලී මියගොස් ඇත්තේ දෙල්තොට පල්ලේගම පදිංචි උඩපිටිය අල් හුන්නා විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුම ලැබූ මින්සාන් අහමඩ් නැමති සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd